Monday, September 5, 2022

ඔට්ටුකරුවන් මාධ්‍යවේදිනියක් මිළට අරන්


මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් මාධ්‍යවේදීන් රැසක් එහි ගොස් සිට්නවා. 


මේ බොහෝ මාධ්‍යවේදීන් එහි ගොස් ඇත්තේ ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්.


මේ අතර අපූරු මාධ්‍යවේදිනියකුත් දකින්න ලැබෙනවා. 


රූපවාහිනියේ නිදහස් නිවේදිකාවක වන මැය ලංකා ප්‍රිමියර් ලීගයේත් ජැෆ්න කණ්ඩායමේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරනවා. 


ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය හරහා ආසියානු කුසලාන තරගාවලියේ මාධ්‍ය හැඳුනුම්පතක් ලබමින් ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ඩුබායි වෙත ඇය ගොස් ඇතත් කිසිදු මාධ්‍යයකට තරග ආවරණයේ යෙදෙන බවක් පෙනෙන්නට නැති බව එහි සිටින මාධ්‍යවේදීන් පවසනවා. 


සෙනග අතර ගැවසෙමින් හැඳුනුම් පත එල්ලාගෙන තරග නරඹන මැය ඒ අතර ක්‍රිකට් තරග සඳහා ඔට්ටු තබන  1X BET නම් වෙබ් ජාලය තම මුහුණුපොත හරහා ප්‍රවර්ධනය කරනු දකින්න ලැබෙනවා. 


ඒ අනුව පෙනෙන්නේ මැයට එම ඔට්ටු වෙබ් ජාලය සමග සමීප සබඳතාවක් ඇති බවයි. 


මේ අතර මැය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමගද සමීපව කටයුතු කිරීම මගින් අදාල ඔට්ටු වෙබ් ජාල හිමිකරුවන් සමග යම් සබඳතාවක් පවත්වාගෙන යන්නේද යන්න සැක සහිතයි.


අයිසීසිය මෙන්ම ක්‍රිකට් ආයතනයද මේ ගැන සොයා බැලිය යුතු වෙනවා. ඔට්ටු තැබීම් ගැනත් ඔට්ටු කරුවන් ගැනත් එදා සිටම සාජා හා ඩුබායි ප්‍රසිද්ධ බව බොහෝ දෙනා දන්නා කරුණක්.



No comments:

Post a Comment