• Breaking News

    ජැස්වර්ට වැඩ වරදින ලකුණු.! ක්‍රීඩා ඇමති පොල්ල අතට ගනියි


    පැණි වරකාවට හෙණ ගැසුවාක් මෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මේ වන විට පාපන්දු සම්මේලනයේ සභාපති ජැස්වර් උමාර් සමග උරණ වී සිටින බව lankasportsnews වෙත  වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ මාධ්‍ය හමුවකදී ජැස්වර් ක්‍රීඩා ඇමති වරයාව විවේචනයට ලක් කිරීමයි. ජැස්වර් යනු හිටපු ක්‍රීඩා ඇමති නාමල්ගේ කුළුපග මිත්‍රයෙකි. 


    ජැස්වර් පාපන්දු මුල් පුටුවට ගෙන ඒම සදහා නාමල් ද යටින් සහයෝගය දැක්වූ අතර ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් පාපන්දුවේ සියලු දේශීය සංචාර වල හෝටල් වෙන්කිරීම්  ,ප්‍රවාහන සේවා සියල්ල නාමල්ගේ මාමණ්ඩිය වෙත ලබා දීමට ජැස්වර් කටයුතු කළේය.


    මේ වන විට පාපන්දුව සඳහා අතුරු පාලක කමිටුවක් ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කර ඇති අතර හැකි ඉක්මනින් නිලවරණය පැවැත්වීමටත් ඊට පෙර පාපන්දු ව්‍යවස්ථාව ක්‍රීඩා          පණතට අනුව සංශෝධනය කිරීමටත් නියමිත බව lankasportsnews වෙත  වාර්තා වේ. 


    මේ අනුව එක් ලීගයකට දැනට පවතින චන්ද තුන වෙනුවට එක් චන්දයක් දක්වා අඩු කිරීමට නියමිතව ඇත. මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජගත් පාපන්දු සම්මේලනයද අනුමැතිය දී තිබේ.


    සබැඳි පෙර ලිපි

    පාපන්දු ගැසට් පත්‍රයට ඇමති අත්සන හොරෙන් ගහලා - සියල්ලේ අරමුණ ජැස්වර් බලයේ තබාගැනීම



    ජැස්වර් උමාර් පාපන්දුව විනාශ කරලා- උප සභාපතිගෙන්ම චෝදනා පත්‍රයක්







    No comments