රොෂාන් රණසිංහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමති වුණත් ඔහු නොදන්නා හෝ නොදන්නා සේ ඉන්නා බොහෝ දේ ක්‍රීඩා අමාත්‍යංශය තුළ සිදු වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් විසින් පාර්ලිමේන්තුවේදී පැවසුවා.
පාපන්දු සම්මේලනයේ නිල කාලය ගැසට් මගින් කිහිප වරක් දිගු කර ඇතත් එය සැප්තැම්බර් මස 15 අවසන් වද්දී නැවතත් සැප්තැම්බර් 17 දින යළි එය ඔක්තෝබර් තෙක් දික් කිරීමේ ගැසට් පත්‍රය සඳහා ඇමතිවරයාගේ අත්සන හොරට යොදා ගෙන ඇතැයි ඔහු පැවසුවා.
මෙම කටයුත්ත සිදු කර ඇත්තේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වරයා බවත් මුජිබර් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියා.
මීට අමතරව පාපන්දු සම්මේලනයේ පසුගිය සමයේ සියලුම හෝටල් වෙන්කිරීම් ප්‍රවාහන කටයුතු සිදු කර ඇත්තේද නාමල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ මාමණ්ඩි හරහා බවත් ඒ සඳහා පාපන්දු සම්මේලනය මගින් කෝටි ගණනක් ගෙවාඇතැයිද වාර්තා වෙනවා.
පාපන්දු සම්මේලනයට පසුගිය සමයේ ෆීෆා වෙතින් ලැබුණු කෝටි ගණන් මුදල් වියදම් කළ ආකාරය ගැන චෝදනා එල්ල වුණා.
මේ අනුව පාපන්දුවේ සභාපති ජැස්වර් උමාර් තව වරක් බලයේ තබා ගැනීමේ ප්රයත්නයක් ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළෙන්ම ක්‍රියාත්මක වන බවත් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා.
මේ සඳහා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවද සංශෝධනය කරනු ලැබුවත් ජැස්වර්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බැව් පාපන්දු සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් lankasportsnews වෙත පැවසුවා.
No comments:
Post a Comment