Wednesday, September 21, 2022

ගාලු ක්‍රිකට් සමාජයේ කැකිල්ලෙ තීන්දුවක් - අසාර්ථක පුහුණුකරු ආපහු ඇවිත් සාර්ථක නායකයා නෙරපයි


ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය මේ වන විට තිබෙන්නේ උසාවි නියෝගයක් මගින් පත් කෙරුණු අතුරු පාලක කමිටුවක් මගිනි.


මෙයට හේතුව වූයේ එහි වාර්ෂික මහා සභා රැස්වීම පිළිබඳව එක් පාර්ශ්වයක් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යාමයි. 


නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අතර දෙරණ ලොක්කා දිලිත් ජයවීර මේ නඩු කියූ පාර්ශ්වයට සහයෝගය දුන් බව ප්‍රසිද්ධ කරුණක්.


නඩු තීන්දුවට අනුව ක්‍රීඩා සමාජයේ අනුශාසකයකු වන දිලිත් ජයවීරම අතුරු කමිටුවේ සභාපති ලෙස පත්  කරනු ලබුවා.  


ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ  දිගින් දිගටම පරාජය වී ප්‍රමුඛ පෙළ තත්වයෙන් පහතට වැටීමේ අවදානමක තිබුණු අතර එහි පුහුණුකරුගේ අසාර්ථකත්වය බොහෝ දුරට හේතු වී තිබෙනවා. 


මේ අනුව මෙවර ප්‍රමුඛ පෙළ තරගාවලියේදී හසිත නම් වූ එම අසාර්ථක පුහුණුකරු ඉවත්කරනු ලැබුවා. 


දිලිත්ගේ අතුරු කමිටුව දැන්  මේ අසාර්ථක පුහුණුකරුවා නැවතත් තාවකාලික පුහුණුකරු ලෙස පත් කර ඇති අතර තම අදක්ෂ  පුත්‍රයාට කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් ලබා දෙන්නට දරණ ප්‍රයත්නයකට නායකයා විරුද්ධ වී තිබෙනවා.


ප්‍රතිඵලය වී තිබෙන්නේ අතුරු කමිටුවේ ලේකම් විසින් නායකයා නායකත්වයෙන් පහ කිරීමයි. 


මේ කැකිල්ලේ තීන්දුව අතුරු කමිටු  ලේකම්වරයා විසින් ගෙන ඇත්තේ ක්‍රිකට් කමිටුවෙන් හෝ නොවිමසා බවත් සභාපති දිලිත් පවා මේ පුහුණුකරු නැවත පත් කිරීමක් ගැන නොදන්නා බවත් මොහුගේ පත් කිරීමක් ගැන ක්‍රීඩා සමාජය විසින් නිල වශයෙන් ක්‍රීඩකයන්ට හෝ දන්වා නොමැති බවත් Lankasportsnews වෙත වාර්තා වෙනවා.

නායකයා විසින් පිට පිටම තරග දෙකක් දිනා දී තිබියදී ගෙන ඇති මේ තීරණය ගැන  කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩි පිරිසක් තම අප්‍රසාදය පළ කර ඇතැයිද වාර්තා වෙනවා. 


දිලිත්ලා මේ කරන්නේ ගාල්ලේ ක්‍රිකට් වළපල්ලට ඇද දැමීමක් බවත් මේ තීරණ  ක්‍රීඩා සමාජ සාමාජිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයිද lankasportsnews වෙත අදහස් දැක්වූ එක් සාමාජිකයෙක් පැවසුවා.

No comments:

Post a Comment