ජැස්වර් උමාර් පාපන්දුව විනාශ කරලා- උප සභාපතිගෙන්ම චෝදනා පත්‍රයක්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හොර ගුහාවක් බවට පත්ව ඇති අතර එහි නිලධාරි මණ්ඩලයේ නිල කාලය අගෝස්තු 31 දා අවසන් වී තිබියදීත් නිලවරණයක් නොපැවැත්වීම නිසා තාවකාලික අතුරු කමිටුවක් පත් කිරීමේ හා ෆීෆා වෙතින් තහනමට ලක්වීමේ අවදානමකට පත්ව ඇතැයි lankasportsnews වෙත වාර්තා වේ.
මෙහි නවතම තත්ත්වය හෙළිදරව් කරමින් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූ හිටපු සභාපතිවරයකු හා ප්‍රධාන විධායක නිලධාරියකු වන අනුර ද සිල්වා හා වත්මන් උප සභාපති රංජිත් රුද්‍රිගු වත්මන් සභාපති ජැස්වර් උමාර්ට චෝදනා රැසක් එල්ල කරන ලදී.
එම චෝදනා අතර
- හිතුමතේ සේවකයන් බඳවා ගැනීම හා ඒ පිළිබඳ තොරතුරු සැඟවීම
- කිසිදු වාර්ෂික සැලැස්මක් හෝ අයවැයක් නොමැති වීම
- පාපන්දු පරිපාලනය අරඹන විට පාපන්දු අරමුදලේ තිබූ රුපියල් ලක්ෂ 4000 ක් ෆීෆා වෙතින් ලැබුණු අවසරයක් කියමින් අයුතු ලෙස වියදම් කිරීම
- සිව්කොන් තරගාවලිය සඳහා රුපියල් ලක්ෂ 1400 ක් වියදම් කිරීම හා එහි වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා නොදීම
- එම තරගාවලියේ ගීතයක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වියදම් කළත් තරගාවලිය ආරම්භයේ හෝ එම ගීතය වාදනය නොකිරීම
- රුපියල් ලක්ෂ 700 ක් event management සමාගමකට කිසිදු අවසරයකින් තොරව පිරිනැමීම
- මාධ්‍ය, මුද්‍රණ කටයුතු හා ප්‍රචාරණයට රුපියල් මිලියන නවයක් වියදම් කිරීම
- මුදල් කමිටුවේද සභාපතිත්වය අනීතිකව දරමින් තමන්ම අනුමත කර තමන්ම චෙක්පත් අත්සන් කරමින් මුදල් පරිහරණය කිරීම හා කිසිදු විගණනයක් නොකිරීම
වන අතර මෙම චෝදනා වලට පිළිතුරු නොදී ජැස්වර් උමාර් නිලවරණය මග හරිමින් නීති විරෝධී ලෙස බලයේ රැඳී සිටීමට කටයුතු කරන බව කියවේ.
එහෙත් මේ දක්වා ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ජාතික ක්‍රීඩා සභාව මේ පිළිබඳව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.
No comments