මාලිංගත් විසි වෙයි.! ලංකා පිලට නව වේග පන්දු පුහුණුකරුවකු සොයයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යැවීමේ පුහුණුකරුවකු වහාම අවශ්‍යව ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
පසුගිය කාලයේ ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ රුමේෂ් රත්නායක ඉන් ඉවත් කරන ලද්දේ වසර ගණනාවක් මුළුල්ලේ එම කටයුත්ත කළ ඔහු දැන් නවතම පුහුණු ක්‍රම පිළිබඳ යාවත්කාලීන නොවූ අයකු නිසාය. එහෙත් ඔහු තවමත් ඛෙත්තාරාමයේ අධි පුහුණු තාක්ෂණ අංශයේ සේවය කරයි.
රුමේෂ්ගෙන් පසු චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස,කටයුතු කළත් ඔහුගෙන්ද බලාපොරොත්තු වූ සේවය නොළැබීම නිසා සුදු පන්දු තරග සඳහා ලසිත් මාලිංග යොදා ගනු ලැබුවා.
එහෙත් ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් හා සහාය පුහුණුකරු ලෙස නවීඩ් නවාස් පත්ව ඒමෙන් පසු ලසිත් මාලිංගගේ අධි රංගනය ප්‍රධාන පුහුණුකරුට අපුල වීම නිසා මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් මාලිංගද ඉවත් කර තිබෙනවා.
මාලිංග තරග අතරතුර ක්‍රීඩක කාමරයෙන් පිටත පැමිණ පිටිය වටා යමින් රූපවාහිනී කැමරාවට පෙනෙන්න ඕවර් ඇක්ටින් දැමීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූ අතර ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේද අසතුටට හේතු වී තිබෙන බව ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු lankasportsnews වෙත පැවසුවා.
මේ හේතුවෙන් තාවකාලික ලෙස ඒ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ගමගේ ඩුබායි වෙත යවා ඇති අතර ඔහුද මෙම කටයුත්තට නුසුදුස්සකු බැවින් මීළඟ සංචාරයට පෙර,විදෙස් වේග පන්දු පුහුණුකරුවකු සොයා ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.
මාලිංග කැපී යාමට තවත් හේතුවක් වී ඇත්තේ තම පෞද්ගලික යූ ටියුබය ප්‍රමෝට් කිරීමට සංචාර අතර කටයුතු කිරීමයි.
මේ මගින් කණ්ඩායමේ රහස්‍ය තොරතුරු පිට වීමද ගැටලුවක් වී තිබෙනවා.
මාලිංග සුදුපන්දුවේ පුහුණුකරු ලෙස පත් කිරීම නොඉවසූ චමින්ද වාස් තමන්ට රතු පන්දුවේ පුහුණුකරු ලෙස පමණක් කටයුතු කළ නොහැකි බව ක්‍රිකට් බලධාරීන්ට ඩිමාන්ඩ් කිරීමට යාමෙන් ඔහුටද දැන් ක්‍රිකට් ආයතනයේ රැකියාව අහිමි වී තිබෙනවා. මේ හේතුවෙන් දැන් චමින්ද කුඩා ක්‍රීඩකයන්ට පෞද්ගලිකව පුහුණු සැසි පවත්වමින් සිටිනවා.
No comments