ලංකාවේ ක්‍රිකට් ආයතනය හිටපු ගමන් ගොන් බූරු තීරණ ගන්න ප්‍රසිද්ධයි. අලුත් ක්‍රීඩා ඇමති පත් වුණු ගමන් නාමල් ඇමතිකාලෙ හින්දල තිබුණු ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලට කෝටි ගාණක් ක්‍රිකට් වල මුදල් ලබා දුන්නෙත් ක්‍රිකට් බලධාරින්.
අලුත් ක්‍රීඩා ඇමතිත් ආපු ගමන් අමාත්‍යාංශයේ මුදල් නැතිව ලතවෙද්දි ක්‍රිකට් සල්ලි වලින් ජාම බේර ගත්තත් දැන් ජාතික ක්‍රීඩා සභාවෙ සභාපති හැටියට අර්ජුන රණතුංගව පත් කර ගත්තට පස්සෙ ක්‍රිකට් ආයතනයට පුප්පන්න පටන් අරන්.
ක්‍රීඩා අරමුදල තර කරන්න තමන් ගත් ගොන් තීරණය ගැන ක්‍රිකට් ආයතනය දැන් කනගාටු වන බව ස්ථිරයි.
මේ වගේ ගොන් තීරණ ගන්න ක්‍රිකට් බලධාරින් ගත්ත තවත් මැටි තීරණයක් නිසා ප්රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ලංකාවේ ප්රමුඛ පෙළ තරග ලකුණු පුවරුව සජීවී ලෙස බලන එතෙර මෙතෙර ක්‍රිකට් ලෝලීන්ටත් ඉතා ලොකු අසාධාරණයක් වෙලා.
දශක කිහිපයක් මුළුල්ලේ දේශීය අන්තර් ක්‍රීඩා සමාජ තරගවල සජීවී ලකුණු පුවරුව දැමූ ESPN ක්‍රික් ඉන්ෆෝ ජාත්‍යන්තර වෙබ් අඩවිය අතහැර වෙනත් වෙබ් අඩවියක එම තොරතුරු දමන්න ඔවුන් ගත් තීරණය නිසා මේ තත්ත්වය උදාවෙලා.
මේ නිසා දේශීය ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග දක්ෂතා බලා ගන්නටත් වෙනත් රටක ක්‍රීඩා කරන්න යන කොට එම දක්ෂතා හා තම පැටිකිරිය පෙන්වීමටත් නොහැකි වීම කනගාටුවට කරුණක්.
මෙය කාගේ හෝ අත යට සිදු කෙරුණු වැඩක් බවයි ක්‍රීඩකයන් පවසන්නේ.
No comments:
Post a Comment