• Breaking News

    අර්ජුනගේ පත් වීමෙන් ක්‍රිකට් ලොක්කන් රත් වෙයි


    අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස පත් වීමත් සමග ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් නොසන්සුන් වී ඇතැයි lankasportsnews වෙත වාර්තා වේ.


    ක්‍රිකට් අරමුදලේ මුදල් වියදම් කරමින් පවුල් පිටින් විදෙස් සංචාර වල යෙදුණු නිලධාරින් මෙන්ම කලක් මුළුල්ලේ චෝදනා ගණනාවකට ලක්ව ඇතත් කිසිදු උපද්‍රවයකට ලක් නොවී වසරින් වසර විශාල වැටුප් වර්ධක ලබා සිට්න ප්‍රධාන විධායක නිලධාරියකුත් මේ අතර වේ.

    ව්දෙස් ගිණුම් වලට ක්‍රිකට් ආයතනයේ මුදල් හරවා යැවීම පිළිබඳවද මෙම නිලධාරියාට චෝදනා එල්ල විය.
    මීට අමතරව සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම පිළිබඳව මොහුට විරුද්ධව උසාවියේ නඩුවක්ද පවතී.

    ජාතික ක්‍රීඩා සභාවට සාමාජිකයන් පත් කළ දිනයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයාද ආසියානු කුසලාන තරගාවලිය ලංකාවෙන් ඩුබායි වෙත යාමට සැලැස්වීම ගැන ක්‍රිකට් බලධාරින්ට තදින් දොස් පැවරීය.


    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙවර සත්කාරකත්වය හිමිව තිබුනේ ශ්‍රී ලංකාවටය. එහෙත් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ එම සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාදීමට කටයුතු කළ බවයි.

    මේ අනුව ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හේතුවෙන් සෘජුව හිමිවීමට නියමිත වූ ඩොලර් මිලියන 50 ක් අහිමි වී ගොස් ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ලංකාවට ඩොලර් මිලියන 6.5 ක් හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.

    මෙම ක්‍රියාවලිය පිටුපස දූෂිත ගණුදෙනුවක් ඇතැයි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නලීන් බණ්ඩාර කියා සිටියේය..

    කෙසේ වෙතත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය.

    මේ අවස්ථාවේ මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දුන්නේ නම් හෝටල් කාමර විශාල ප්‍රමාණයක් හා ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි කර ගැනීම ඇතුලු සංචාරක කර්මාන්තයට රැකියා හා මුදල් උත්පාදනය සිදු කිරීමක් කළ හැකිව තිබූ බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

    No comments