Monday, August 8, 2022

බල පෙරේතයෝ ගාල්ලේ ක්‍රිකට් වනසති


සාලිය පීරිස් යනු ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයාය.


ඔහු ලෙහෙසියෙන් හඩු නඩු වලට පෙනී ඉන්නේ නැත.

පසුගිය දිනවල අරගල කරුවන් වෙනුවෙන් නීතිඥ සංගමය නීතිඥයන් බුරුතු පිටින් අත් අඩංගුවට පත්වන අරගල කරුවන්ට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම නිසා නඩුකාරයන්ද තීන්දු දීමේදී ප්‍රවේසම් විය.

වඩා නිවැරදිව කීවොත් සිය ගණනින් නීතිඥ වරු උසාවියේ චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින විට විනිශ්චයකරුවන් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේ දෙතුන් දෙනෙකුට පමණි.

සාලිය පීරිස් වැනි ජ්‍යේෂ්ඨ නීතිඥ වරයකු සාමාන්‍යයෙන් අඩු මුදලකට නඩුවකට පෙනී ඉන්නේ නැත. එසේම තුට්ටු දෙකේ නඩු වලට ගෝලයන් යැව්වත් ඔහු ඉදිරිපත් වන්නේත් නැත.


එහෙත් මේ දිනවල ගාලු උසාවියේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ පිරිසක් එම ක්‍රීඩා සමාජයේ නිලවරණයට එරෙහිව පැවරූ නඩුවක පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාලිය පීරිස් කොළඹ සිට එහි ගොස් පෙනී සිටී.

නඩුව දමා ඇත්තේ වත්මන් විධායක කමිටුව අලුතින් නීති විරෝධී හා අක්‍රමවත්ව බඳවා ගන්නා ලද සාමාජිකයන් 400 ක් නිලවරණයට නොකැඳවීමය .

නඩුවේ පැමිණිලි පාර්ශ්වය මෙහෙයවන්නේ එසේ නීත්‍යානුකූල නොවන අන්දමින් සාමාජිකත්ව ලබා දුන් හිටපු දූෂිත නිලධාරියෙක් හා දැනටත් කමිටුවේ සිටින ඔහුගේම සගයෙකි.

මෙම නඩුව යට සිටින්නේ මිස්ටර් ඇන්ටිජන් දිලිත් ජයවීරය. ඔහු ගාලු ක්‍රිකට් සමාජයේ අනුශාසකවරයකු වරයෙකි. මීළඟට ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති වන්නට සිතා සිටින දිලිත් තවමත් එහි සාමාජිකයකුද නොවන අතර ඔහු සිටින්නේද හොරෙන් බඳවා ගත් සාමාජිකයන් 400 අතරය.

සාලිය පීරිස් නඩුවට යොමු කර ඇත්තේද දිලිත් විසින් බව ප්‍රසිද්ධ රහසකි.

ගාලු උසාවියේ වැඩ බලන විනිසුරුවරයකු හමුවේ පෙත්සම ගොනු කළ විගසම ඒකපාර්ශ්වික නඩු ඇසීමකින් නිලවරණයට වාරණ නියෝගයක් ගත් සාලිය පීරිස් නීත්‍යානුකූල නොවන සාමාජිකයන් 400 ටම නීත්‍යානුකූල බව ලබාදී නිලවරණය පවත්වන තෙක් අතුරු කමිටුවක් පත් කර එහි සභාපති ලෙස අනුශාසක දිලිත් ජයවීර පත් කරන ලෙස පත් කරන ලෙස කැකිල්ලේ තීන්දුවක් ලබා ගත්තේය.

එහෙත් ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ විධායක කමිටුව මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බැලූ විනිසුරු තීරණය ලබා දීම සඳහා පසුගිය 3 දා සිට දින 14 ක් කල් ලබා දී ඇත.

මේ හේතුවන් ගාලු ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ඇනහිටින මට්ටමකට පැමිණ තිබේ.

දිලිත් වැඩ බලන සභාපති වුවද කිසිදු චෙක්පතකට අත්සන් නොතබන බැවින් පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩකයන්ට,පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයන්ගේ ඇඳුම් වලට ගෙවීමට නොහැකි වී ඇත.

තරග ආරම්භ වන්නේ අගෝස්තු 19 දාය. නඩු තීන්දුව ලැබෙන්නේ 17 දා ය.

බලය ලබා ගන්න මාන බලන්නන් නිසා වසර සියයකට වඩා පැරණි ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩාව අසරණ වී ඇත.

- ගාල්ලේ ක්‍රිකට් රසිකයෙක් -



No comments:

Post a Comment