ක්‍රීඩා අමාත්‍යාංශයට කෝටි ගණන් දෙන ක්‍රිකට් ලොක්කෝ කුසල්ට පස්ස හරවති
ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ සැත්කමක් සිදු කිරීම සඳහා එංගලන්තයට යාමට මුදලින් උදව් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
පසුගිය ලෝක ශූරතා කුසලාන තරගාවලිය තුළ හටගත් උරහිස ආබාධයක් හේතුවෙන් කුසල් මේ දක්වා කිසිදු ශ්‍රී ලංකා තරගයකට සහභාගි වී නොමැති අතර ඒ අතරවාරයේ ක්‍රිකට් ආයතනයේ අවවාද නොතකා එල්පීඑල් තරගාවලියට සහභාගි වී එහිදී එම ආබාධය වැඩි කර ගත් බවත් සඳහන්.
ක්‍රිකට් ආයතනය පසුගිය සමයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලට මිලියන සියයක් හා බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් මිලියන විසි පහක් ලබා දුන් අතර කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ඩොලර් ලක්ෂයක් ලබා දී තිබියදී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහාහී ඉනිම රැසක් ක්‍රීඩා කළ කුසල් ජනිත් වැන්නකුට සැත්කමක් වෙනුවෙන් වියදම් කළ නොහැකි වීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබෙනවා.
ක්‍රීඩා ඇමති වරයා සතුටු කිරීමට හා බංකලොත් කර ඇති ක්‍රීඩා අරමුදල වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් උපයා දෙනු ලබන මුදල් කෝටි ගණනින් වියදම් කරද්දී ක්‍රිකට් ක්රීඩකයකුට මෙසේ සැළකීම ගැන අරගල කරුවන් අතරද කතා බහට ලක්ව ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
මේ අතර මීට කලකට පෙර තහනම් උත්තේජක පරීක්ෂණයකින් වරද කරුවකු කරන ලද කුසල් ඉන් බේරා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය විශාල මුදලක් වැය කරනු ලැබුවා.
එම චෝදනාවෙන් මිදුනු කුසල්ට ඒ වෙනුවෙන් අයිසීසිය කෝටි ගණනක වන්දියක් ලබා දුන් අතර ක්‍රිකට් ආයතනයට නීති උපදෙස් සඳහා වැය වූ මුදල එම වන්දි මුදලින් ගෙවා දමන ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියද කුසල් එම මුදල ගෙවීම ප්රතික්ෂෙප කර සිටීම , කුසල්ට තවත් අමතර වියදම් නොකිරීමට හේතුවක් වී ඇතැයි පැවසෙනවා.
No comments