• Breaking News

    නාමල්ලා හින්දූ ක්‍රීඩා අරමුදල රොෂාන් ක්‍රිකට් වලින් පුරවන්න යයි


    කාලෙකට පස්සෙ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ගිහින් තරග නැරඹීමේ අවස්ථාවක් උදා වුණු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය අද ආරම්භ වුණේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පුරවමින්.


    ගෑස් පෝලිම්, පෙට්‍රල් ඩීසල් පෝලිම් රට පුරා තිබියදී කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් තිබියදී රටපුරා අරගල විරෝධතා තිබියදී ඕස්ට්‍රේලියානු පිල මෙහි පැමිණීම ශ්‍රී ලංකාවට වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් වුණා.

    මේ වන විට බිංදුවට වැටී තිබෙන සංචාරක ව්‍යාපාරය යළි ගොඩ නගන්න මේ සංචාරය ඉතාමත් වැදගත් වෙනවා.

    මෙම සංචාරය ආරම්භ කරන්නට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් කෝටි 72 ක මුදලක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මිළදී ගැනීම සඳහා රජයට පරිත්‍යාග කළා. එය ඩොලර් වලින් මිලියන දෙකක්.

    එසේ තිබියදී අලුතින් පත් කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තම අමාත්‍යාංශයට කැඳවා අනිකුත් ක්‍රීඩා නඩත්තු කිරීමට ක්‍රිකට් ආයතනයෙන් මුදල් ආධාර ඉල්ලා සිටි බවක් වාර්තා වුණා.

    ඉන්පසු ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ලැබෙන ප්‍රවේශපත්‍ර ආදායම ඇතුළු ඩොලර් මිලියන දෙකහමාරක පමණ මුදලක් අමාත්‍යාංශයට ලබා දෙන බවත් ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශයට පත් කළා.

    මිලියනයක් වටින ප්‍රශ්නය නම් ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් අරමුදලට කුමක්වීද යන්නයි.

    Lankasportsnews වෙත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන අභ්‍යන්තර ආරංව් මාර්ග අනුව එහි අන්තිම සතය දක්වා මුදල් හින්දවා ඇත.

    වැඩකට නැති ක්‍රීඩා කිහිපයකට මිලියන 50 බැගින් ලබා දී තිබෙනවා.

    ඒ මහේල ජයවර්ධනලාගේද නිර්දේශ මතයි.

    පසුගිය අයවැය දෙකින්ම බොහෝ වැදගත් අමාත්‍යාංශ වලට වඩා බොහෝ වැඩි මුදලක් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයට වෙන් කරවා ගන්නට නාමල් සමත් වුණත් ඒ මුදලින් කළ දෙයක් පෙනෙන්නට නැත.

    මේ වන විට පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ දීමනා හා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමටවත් අමාත්‍යාංශ අරමුදලේ මුදල් නැත.

    රොෂාන් රණසිංහ මේ දත කන්නේ ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ගරා ගැනීමටයි.

    හරි නම් කළ යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ තිබූ මුදල් වලට කුමක් වූයේදැයි විගණනයක් කිරීමයි.

    ක්‍රීඩා ඇමති පුටුව මාරු උනත් දැන් එහි වාඩි වී ඇත්තේ නාමල්ගේ දකුණු අතකි. අමාත්‍යාංශයේ අනෙකුත් පුටු වල තවමත් සිටින්නේ නාමල්ගේ හම්බන්තොට චක් ගෝලයන්‍ ය.

    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දහඩිය මහන්සියෙන් ලැබෙන ඩොලර් නාමල්ලා හිස් කළ අරමුදලට බැර කිරීම නම් අපරාදයකි.

    No comments