එංගලන්තයේ බර්මින්හැම් යන නඩේට අනුග්‍රහය ක්‍රිකට් ආයතනයෙන්
එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර තරගාවලි සදහා වන්දනා නඩ සංවිධානය කිරීමේ ප්‍රමුඛයන් වන ශ්‍රී ලංකාව මෙවරත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 160 කට වැඩි පිරිසක් රැගෙන යාමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානමින් සිටින බව lankasportsnews අප වෙත වාර්තා වෙනවා. මීට පෙරද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වන්දනා ගමනක් ලෙස බුරුතු පිටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් රැගෙන ගියද සුපුරුදු පරිදි ආපසු එන්නේ කිසිදු පදක්කමක් රහිතවය. එමෙන්ම ඇතමුන් අතුරුදහන්වයි. මෙමගින් වනුයේ කෝටි ගණනක මුදලක් නිකරුණේ නාස්ති කිරීමය.
මෙවර එංගලන්තයට යාමට අයෙකුට රුපියල් ලක්ෂ පහකට වැඩි මුදලක් ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහාම වැය වන නිසා කොපමණ මුදලක් මේ වෙනුවෙන් වියදම් කෙරෙන බව අමුතුවෙන් වටහා දිය යුතු නොවේ. නාමල් රාජපක්ෂගේ ක්‍රීඩා කවුන්සලයේ සිටි මහේල ජයවර්ධනලාද මේ වන්දනා නඩ වලට අනුමැතිය ලබා දී තිබීම පුදුමයට කරුණක් වනවා. කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුවද විවිධ ක්‍රීඩා වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යවන්නේ නිලවරණයේදී චන්දය ලබා දෙන නිලධාරින්ට ඩොලර් දීමනාවක්ද සහිතව සාප්පු සවාරියක් ලබා දීමටය. නාමල් රාජපක්ෂගේ මූල්‍ය කළමනාකාරිත්වයට පිං සිද්ධ වන්නට මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ සත පහක්වත් නොමැත.
අලුත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ආ ගමන් කළේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හිඟා කෑමය. ක්‍රීඩා ඇමතිවරයා ෂේප් කර ගත යුතු නිසා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාද ක්‍රිකට් අරමුදලෙන් කෝටි 250 ක් ලබා දුන් අතර ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ලැබෙන ආදායමද ක්‍රීඩා ඇමතිවරයාට දෙන්නට යයි.
ක්‍රීඩා ඇමතියෙක් ක්‍රීඩා අමාත්‍යාංශයක් තිබියදී අමාත්‍යාංශය දුවන්නේ ක්‍රිකට් ආයතනයට පිං සිද්ධ වෙන්නටය. ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගෙනෙන මුදල් ක්‍රිකට් වලට නොයොදා ශම්මිලා මෙසේ ක්‍රීඩා ඇමතිවරයාට පිදීම ගැන ක්‍රිකට් ක්‍රීඩකයෝත් ඉන්නේ අසතුටිනි. ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල් කප්පාදු කරමින් මෙසේ වෙනත් ක්‍රීඩා නඩත්තු කිරීමට තමන් ගෙනෙන මුදල් යෙදවීම ගැන ඔවුන් තම අප්‍රසාදය පළ කරන බව lankasportsnews වෙත පැවසුවා. මේ බොරු මුදල් නාස්තිය ගැන ලංකාවේ වෙනත් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය වල නොයන්නේ ඒවායේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ද 20 ක් පමණ ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් බර්මින්හැම් බලා පියාසර කිරීමේ බලාපොරොත්තුවෙන් සිට්න නිසයි. ඔවුන් සියලු දෙනා බත් බැලයන් ලෙස එහෙයියන් වී ක්‍රීඩාව වලට කැදවාගෙන යාමට ක්‍රීඩා අමාත්‍යවරයාට හා බලධාරීන්ට කත් අදින පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කවදත් ලංකාවේ ක්‍රීඩාව ගැන කැක්කුමකින් සිටින lankasportsnews මේ හෙළිදරව්ව කරන්නේ තවත් කෝටි ගණනක මුදල් නාස්තියක් මෙහිදීද වන බව රටටත් අරගල කරුවන්ටත් දැන ගන්නයි.
No comments