• Breaking News

    මහේලගෙන් අර්ජුනට කැපිල්ලක්


    ඊයේ (23) පැවැත්වීමට නියමිත කොළඹ එස්.එස්.සී හෙවත් සිංහල ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණයේදී එහි විධායක සභාවට තරග වදින හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට එරෙහිව මහේල ජයවර්ධන විසින් හීන් නූලෙන් විරුද්ධව කටයුතු කරතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.


    අර්ජුන මෙවර එහි ලේකම් ධූරයට තරග වැදීමට සූදානම් වුවත් ව්‍යවස්ථාවට අනුව යාවජීව සාමාජිකයකුට ලේකම් ධූරය සඳහා තර වැදීමට නොහැකි බව කීම නිසා අර්ජුන විධායක සභාවට තරග වැදීමට තීරණය කර තිබෙනවා.

    මහේල මීට පෙරඑස්.එස්.සී හි ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළත් ක්‍රීඩා අමාත්‍යංශ උපදේශන සභාවේ සභාපති ලෙස පත් කිරීමත් සමග ඉන් ඉල්ලා අස් වූ බව වාර්තා වුණා.

    1978 වසරේ සිට එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ අවුරුදු 44 ක් සාමාජිකත්වය දරණ අර්ජුන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය හැර දමා වෙනත් ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කොට නැති අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ මුලින් ක්‍රීඩා කරමින් සිටි මහේලව තමන් ශ්‍රී ලංකා හා එස්.එස්.සී ක්‍රීඩා සමාජ කණ්ඩායම් වල නායකත්වය දරණ සමයේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ගෙන්වා ගත්තේද අර්ජුන විසින් වීම විශේෂත්වයක්.

    කෙසේ වෙතත් පසුගිය සමයේ වෙනත් ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන්ට එස්.එස්.සී. පිලට ක්‍රීඩා කරන ලෙස මහේල බලපෑම් කළ බවටද චෝදනා එල්ල වුණා.

    එසේ වුවත් පසුගිය සමයේ වෙනදා අවසන් තරග දක්වා පැමිණෙන එස්.එස්.සී පිල මුල් වටයෙන්ම ඉවතට යාම කැපී පෙනුණා.

    එසේම එස්.එස්.සී සාමාජිකයන් වන සමන්ත දොඩන්වල එල්පීඑල් අධ්‍යක්ෂ ලෙසත් මහින්ද හලංගොඩ ශ්‍ර්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙසත් පුහුණු කරුවන් වූ තිලිණ කන්ඩම්බි හා අවිශ්ක ගුණවර්ධන ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් බවටත් පත් වීම සඳහා මහේල ක්‍රිකට් බලධාරීන්ට බලපෑම් කළ බවටත් චෝදනා එල්ල වුණා.

    No comments