භාග රටේ භාගෙට ක්‍රිකට් ගහන වැන්ඩසේගේ භාග කොණ්ඩ විලාසිතාව
රජ කාලේ හොරෙක්ව අහු වුණාම කොන්ඩේ පැත්තක් බූ ගානවා. ඒ හොරෙක් කියලා අදුන ගන්න. එහෙම කොන්ඩේ පැත්තක් බූ ගාල විජය කියන පල් හොරාව හා ඔහුගේ මිතුරන්ව ඉන්දියාවෙන් පිටුවහල් කළ බව ඉතිහාසයේ සදහන්. එලෙස පැමිණ කුවේනියව විවාහ කර ගැනීමෙන් ඔවුන් මෙරට බලය තහවුරු කර ගත්තා. එම පල් හොරා වන විජයට ලේ ඥාතීත්වයක් දක්වන පිරිසක් අදත් ලංකාවේ ජීවත් වන බව ඇතමුන් පවසනවා. ඒ රාජපක්ෂ පවුලයි. මේ කියන්න යන්නේ රටම බංකොලොත් කළ රාජපක්ෂ වික්‍රමය ගැන නොව ක්‍රීඩාවේ මේ දිනවල කතාවන මාතෘකාවක් ගැනයි.
ක්‍රීඩා ලොව විලාසිතා නැත්තේ නොවේ. ටෙනිස් ක්ෂේත්රයේ හා මලල ක්‍රීඩා ක්ෂෙත්රයේ අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශේෂයෙන් විවිධ කොණ්ඩා විලාසිතා සකසා ගත් අයුරු අප දැක තිබෙනවා.
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ ඔස්සේ තමන්ට ආවේණිකත්වයක් හදා ගැනීමේ වරදක් නැහැ.
බලා ඉන්නට අප්‍රිය වුණත් ලසිත් මාලිංග තම බොකුටු කොණ්ඩය කඩින් කඩ ඩයි කර හදාගත් විලාසිතාව තවමත් පවත්වාගෙන යනවා.
වනිදු හසරංගත් කලක් එවැනි කොණ්ඩා විලාසිතාවක් සකස් කර ගත්තා.
මෙහි දැක්වෙන්නේ පසුගිය ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගයේ අතිරේක ක්‍රීඩකයකු ලෙස පිටියට ආ ජෙෆ්රි වැන්ඩසේගේ අලුත්ම කොණ්ඩා විලාසිතාවයි.
මෙම විලාසිතාව අතීතයේ තිබී ඇත්තේ පට්ට හොරුන් හඳුනා ගැනීමටයි.
ඉන්දියාවෙන් පිටුවහල් කර ලංකාද්වීපයට සේන්දු වූ විජය නම් හොර තක්කඩියා හා ඔහුගේ සහචරයන්ගේද කොණ්ඩා මෝස්තරය මීට සමාන වී තිබෙනවා.
හිසේ භාගයක් බූ ගා මොවුන් නැව් පටවා තිබෙනවා.
එසේ භාගෙට හිස බූ ගා පැමිණි විජයගේ කොණ්ඩා විලාසිතාව වැන්ඩසේගේ හිස මත නිර්මාණය කළ බාබර් සාප්පුවේ කරණවෑමියාට වෙනම තෑග්ගක් ලබා දෙන්න වටිනවා.
වැන්ඩසේ වැනි භාග ක්‍රීඩකයකුගේ හිස භාගෙට බූ ගෑ යුතු බව හෝ එසේත් නොමැති නම් මෙරට පාලනය කරන දූෂිත හොරුන් සිහි ගැන්වීමට එම කරණවෑමියා කටයුතු කර ඇද්දැයි විමසිය යුතු වෙනවා.
එසේත් නොමැති නම් වැන්ඩසේට මේ හෙයාර් කට් එක දී ඇත්තේ ගෝඨාගෝගම බාබර් සැලූනයෙන්දැයි සමහරු අහනවා.
කොහොම උනත් මෙවැනි ගොන් විලාසිතා ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට අනුගමනය කරන්නට අනුබල දෙන කණ්ඩායමේ කළමනාකරුවන්ට හා ක්‍රිකට් පාලකයන්ට කියන්න තියෙන්නේ පොඩි උන්ට ආදර්ශයක් වන්න නම් ඊට පෙර ලොකු උන් ආදර්ශවත් විය යුතුය කියායි.
No comments