කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය මේ වන විට අයිතිකරුවකු නොමැති තත්වයකට පත්ව ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා. මෙම ක්‍රීඩාංගණය අයත් වන්නේ කුරුණෑගල නගර සභාවට වුවත් වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එහි ඉදිකිරීම් හා නඩත්තු කටයුතු වෙනුවෙන් මිලියන ගණනක් වැය කිරීම නිසා නගර සභාව හා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමකට අනුව එහි පරිපාලනය සිදු කෙරුණේ ක්‍රිකට් ආයතනය මගින් ය.
එහෙත් වත්මන් නගරාධිපතිවරයා එම ගිවිසුම අහෝසි කොට ක්‍රීඩාංගණය යළි නගර සභාවේ පාලනයට ගනු ලැබුවා.
අලුත්ම තත්වය වන්නේ ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද බලෙන් එහි රිංගා වෙළගෙදර ක්‍රීඩාංගණයේ නඩත්තුව හා පරිපාලනය තම අණසක පවතින දඹුල්ල ක්‍රීඩාංගණයට පවරාගැනීමයි.
එහෙත් ජොන්ස්ටන් ඇමතිවරයාගේ හිතවතකු වන කුරුණෑගල නගරාධිපතිවරයා සුජීවගේ නියෝග ගණන් නොගෙන ක්‍රීඩාංගණය නගර සභාවේ පාලනය යටතේම තබා ගන්නා බව දන්වා ඇතැයි වාර්තා වෙනවා.
දඹුල්ල හා වෙළගෙදර යන ප්‍රධාන ක්‍රීඩාංගණ දෙකක්ම තිබියදී සුජීව ක්‍රිකට් ආයතනය සඳහා යැයි කියමින් කුරුණෑගල දඹුල්ල අතර අලුතෙන් ක්‍රීඩාංගණයක් ක්‍රිකට් ආයතනයේ අරමුදල් වලින් තැනීමට උත්සාහ දරණ බවත් වාර්තා වෙනවා. මෙහිදී ඉඩමෙන් හා ඉදිකිරීම් වලින් සුජීව විශාල කොමිස් මුදලක් ඉපයීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් විධායක සභාවේම නිලධාරියකු අප වෙත පැවසුවා. කොහේවත් ඇති ක්‍රීඩාංගණ සොයා ගොස් ඒවා සඳහා ජලය බැස යාමේ හා ජලය ලබා දීමේ පද්ධති ( ස්ප්‍රින්කල්ස්) ක්‍රිකට් ආයතනය මගින් සවි කර දීමට කප්පිත්තකු වන සුජීව මිලියන 40 කින් නිම කළ හැකි ව්‍යාපෘතියකට මිලියන 100 ක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගැනීමටද සමතකු බව කියවෙනවා.
No comments:
Post a Comment