ගෝඨාභය රාජපක්ෂ කොහොමටත් ෆේල් බව අමුතුවෙන් කියන්න දෙයක් නැති බව රටපුරා නැගෙන විරෝධතා රැල්ලෙන් ඔප්පු වෙනවා. ක්රීඩාව පැත්තෙන් අරන් බැලුවොත් නාමල් රාජපක්ෂත් ෆේල් බව කියන්න වෙනවා. නාමල් ක්රීඩකයෙක් නිසා ක්රීඩාව හදයි කියා ක්රීඩකයන් තුළ යම් බලාපොරොත්තුවක් තිබුණත් නාමල් කියන්නෙත් වැඩ බැරි ටාසන් කෙනෙක් බව ඔප්පු වෙලා ඉවරයි.
නාමල් මුලින්ම නෑවේ ජාතික ක්රීඩා සභාව පත් කළ අවස්ථාවෙයි. එහි සභාපති ලෙස පත් කළේ ක්රිකට් හැර වෙනත් ක්රීඩා ගැන මෙලෝ හසරක් නොදන්නා මහේල ජයවර්ධනවයි. ක්රීඩා සභාව මහේල රන් කළේ සූම් තාක්ෂණයෙන්. ක්රීඩා පනත අලුතින් සංශෝධනය කරන්න ක්රීඩා සභාවට පැවරුවත් වසර එකහමාරක් ගෙවී ඇතත් තවමත් එය කරන්න මහේල ප්රමුඛ ජාතික ක්රීඩා සභාවට නොහැකි වී තිබෙනවා.
මීට අමතරව අරවින්ද ද සිල්වාගේ ප්රධානත්වයෙන් නාමල් පත් කළ ක්රිකට් තාක්ෂණ උපදේශන කමිටුවත් එහෙම පිටින්ම අසාර්ථකයි. අරවින්ද සභාපති උනත් මහේල ඊට උඩින් එහි සියලු කටයුතු මෙහෙය වූ බව රහසක් නෙවෙයි. ටොම් මූඩි වැනි හිතවතුන් කෝටි ගණන් ගෙවමින් උපදේශන සභාවට ගෙන්වා ගත්තේ මහේල, මුරලි හා සංගාගේ උවමනාවටයි.
ඒ මදිවාට මහේල ස්වෙච්ඡා සේවයක් කරන මුවාවෙන් පැමිණ මාසෙකට ඩොලර් 18,000 ක වැටුපකුත් ෂම්මි සිල්වා ලවා අනුමත කර ගත්තා. ජාතික ක්රීඩා සභාවේ සභාපති ලෙස සිටියදී එය සිදු කළ නොහැකියි. එහෙත් නාමල්ගේ හයියෙන් මහේල ජනවාරියේ ඉඳන් ක්රිකට් ආයතනයෙන් වැටුප ලබා ගන්නවා. මෙහෙන් වැටුප් ගන්න ගමන් මහේල මේ වන විට ඉන්දියාවේ අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. එතනින් තවත් ඩොලර් ලක්ෂ ගණනක් උපයන මහේල මෙන්ම ක්රීඩා සභාවේම ඉන්න සංගක්කාරත් අයිපීඑල් කණඩායමක පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ලෙජන්ඩ්ලා ලෙස මොවුන් හදා ගෙන තිබුණු නමත් දැන් කුජීත වී හමාරයි.
ලොව ප්රමුඛ පෙලේ පුහුණුකරුවකු ලෙස මුම්බායි ඉන්දියන්ස් නිසා නමක් හදා ගත් මහේල මාස්ටර් මයින්ඩ් ලෙස ප්රකට වුණත් මෙවර තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් මෙතෙක් සහභාගි වූ තරග හතරම පැරදීම හේතුවෙන් නිකම්ම නිකම් මාමයිට් කෙනෙකු බවට පත් වෙලා.
ගෝඨා මෙන්ම නාමලුත් නාමල්ගේ අග්ර පුරෝහිතයා මහේලත් ෆේල් බවයි lankasportsnews ට කියන්න තියෙන්නේ.
No comments:
Post a Comment