ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ මහා සභා රැස්වීමේදී නලින් අපෝන්සු නැවත වරක් එහි සභාපති ලෙස නිතරගයෙන් පත්ව තිබෙනවා. වරාය අධිකාරිය නියෝජනය කරමින් ජනසතු සේවා ක්‍රිකට් සංගමය තම බූදලයක් බවට පත් කරගෙන සිටින නලින් අපෝන්සු ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාවද කාටත් හොරෙන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවයි lankasportsnews වෙත වාර්තා වෙන්නේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිවෙනි සංශෝධනය ගෙනා ලෙසයි.
ජනසතු සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවට රිංගා ගත් අපෝන්සු ඩුබායිහි පැවැති ලෝක කුසලාන තරග නැරඹීම සඳහා සුදේව හෙට්ටිආරච්චි සමග ක්‍රිකට් ආයතනයේ මුදලින් එහි ගිය බවද Lankasportsnews අප වෙත වාර්තා වෙනවා.
වරාය අධිකාරියේ හිටපු සභාපති සමග එක්ව ඔහු සීදුව රද්දොළුව ක්‍රීඩා සමාජය මිළට ගෙන වරාය අධිකාරිය පිල බවට පත් කර ගත් අතර නැවත එය වෙනත් පාර්ශ්වයකට විකුණා දමා ඇතැයි වාර්තා වෙනවා. මෙම කටයුතු පිළිබඳව අල්ලස් හෝ දූෂණ කමිටුවට පැමිණිලි කිරීමට පිරිසක් සූදානම් වන බව lankasportsnews වෙත වාර්තාවෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගෙන සිටින කූඩැල්ලන්ට එරෙහිවද මේ යන විදියට අරගලකරුවන් ඉදිරිපත් වන දිනය වැඩි ඈතක නොවේ යයි ක්‍රිකට් ආයතනයෙන් ඉවත්කරන ලද නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා.
No comments:
Post a Comment