• Breaking News

    නාමල්ට එරෙහිව නඩුවක්


    ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසුරුවා හැරීම හේතුවෙන් ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි වාර්තා වෙනවා.


    එළඹෙන පොදු රද මඩුළු ක්‍රීඩා උළෙල ද මෙයට ඇතුළත්.

    අප්‍රියෙල් පළමුදා හෙවත් මෝඩයාගේ දිනයේදී ගැසට් පත්‍රයක් නිකුත් කරමින් රග්බි සම්මේලනය විසුරුවා හැරීමේ නියෝගය දුන් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා වරක් තමන් නායකත්වය දැරූ ක්‍රීඩාවම වළපල්ලට යැවීම පිළිබඳ රග්බි ක්‍රීඩකයන් හා රග්බි පරිපාලකයන් මෙන්ම රග්බි ක්‍රීඩා ලෝලීන්ද බලවත් අප්‍රසාදය පළ කර තිබෙනවා.

    හදිසියේ රග්බි සම්මේලනය විසුරුවාලීම පිටුපස රග්බි පරිපාලනය යෝෂිත රාජපක්ෂට පැවරීමේ කුමන්ත්‍රණයක් තිබුණු බව lankasportsnews වෙත වාර්තා වෙනවා.

    මේ අතර ක්‍රීඩා ඇමතිවරයාගේ වාරණ නියෝගයට එරෙහිව ලබන සතියේ රග්බි සම්මේලනයේ හිටපු නිලධාරීන් නීති මගින් කටයුතු කිරීමට යන බවද lankasportsnews වෙත වාර්තා වී තිබෙනවා.



    No comments