• Breaking News

    අයෝමය පුරුෂයාගේ ලක්ෂ දෙක පිල්ලි ගහපු කම්බ හොරා


    ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය සංවිධානත්වයෙන් පසුගියදා පැවති ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා තරගය සඳහා ලැබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අතුරුදන් වී ඇතැයි Lankasportsnews වෙත වාර්තා වෙනවා.

    මෙම මුදල ලබාගෙන ඇත්තේ කායවර්ධන සම්මේලනයේ ජාතික සංවිධායකයා ය.

    කොරියාවේ වසන ශ්‍රී ලාංකිකයකු වන තරංග විදානෙලාගේ විසින් සම්මේලනයේ ජාතික සංවිධායක ප්‍රීති මාතර හෙවත් උදය කුමාර නමැත්තාට තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ක්‍රීඩකයාට දෙන ලෙස රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇතත් එම මුදලට වූ දෙයක් දැන ගන්නට නැති බවට වාර්තා වෙනවා.

    මෙම මුදල යොමු කොට ඇත්තේ ජාතික සංවිධායකයාගේ පෞද්ගලික ගිණුමකටය. තරගයේ ජයග්‍රාහකයාට එම මුදල නොදීම පිළිබඳ ඔහු පවසන්නේ අදාල මුදල සම්මේලනයේ සභාපති වරයාට දුන් බවයි.

    ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති රීති අනුව සංගම් හෝ සම්මේලනවල මුදල් පරිහරණයේදී කිසිදු නිලධාරියකුගේ පෞද්ගලික ගිණුම් වලට මුදල් ගෙන්වා ගැනීම තහනම් ය.

    මේ අනුව කායවර්ධන තරගයට සහභාගි වූවන් පවසන්නේ මෙම මුදල මංකොල්ල කා ඇත්තේ ජාතික සංවිධායකයා හෝ සභාපතිවරයා විය හැකි බවයි.



    No comments