Saturday, March 12, 2022

කෝප් සභාපතිට ක්‍රිකට් ගැන අලුත් පොටක්


කෝප් කමිටුව යළි තම විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
හොඳ සේවයක් කරමින් සිටි චරිත හේරත් යළිත් සභාපති පුටුවේ ඉන්දවීම lankasportsnews දකින්නේ යළිත් හොරු රෙදි නැතිව හෙළිදරව් වන අයුරු දූෂිත ආණ්ඩුවක වුවත් දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙසයි.


සරණ ගුණවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය දරද්දී මණ්ඩලයට අයත් වාහනයක් හොර රහසේ ගෙනයාම නිමිත්තෙන් පැවරුණු නඩුවක් සඳහා රුපියල් මිලියන 26 අනවශ්‍ය ලෙස වියදම් කෙරුණු හැටි හෙළිදරව් වෙද්දී නීතිඥ ගාස්තු ලෙස පමණක් ඉන් භාගයක් පමණ වියදම් කළ ආකාරයත් කියවුණා.

මේ ආකාරයෙන්ම කෝප් කමිටුව විසින් ක්‍රිකට් ආයතනයේ වියදම් ගැන ඉදිරියේ සොයා බලද්දී එක් එක් නඩු සඳහා නීතිඥ ගාස්තු ලෙස වියදම් කර ඇති ආකාරයත් සොයා බලන්නේ නම් මෙම මුදල කොතරම් සොච්චම් මුදලක්ද යන්න හෙළිදරව් කර ගත හැකියි.

හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යන නඩුව සඳහා පමණක් මේ වන විට කෝටි ගණනක් වැය කර අවසන්.

මෙම නඩු වලින් කෝටි ගණනක් උපයන්නේ රැකව නම් නීතිඥයෙක් බවයි lankasportsnews වෙත වාර්තා වෙන්නේ.

මොහු එක් එක් නඩු සඳහා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිට ඉදිරිපත් කරන ඕනෑම මුදලක් විධායක සභාවද අනුමත කරන්නේ ඉන් කුට්ටියක් ඉහළ පෙළේ දෙතුන් දෙනෙකු අතරද බෙදී යන නිසයි.

ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන නීති උපදේශකයකු සිටියදීයි රැකව විසින් මේ ගසා කෑම සිදු කරන්නේ.

එම නීති උපදේශකයාද රැකවගේම ගෝලයකු වීමත් විශේෂත්වයක්.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයටද නීති උපදෙස් දෙමින් ක්‍රිකට් ආයතනයෙනුත් ගාණ කපා ගන්නා තවත් නීතිඥයකු ගැනත් වාර්තා වෙනවා.

ක්‍රිකට් ආයතනයේ ගිණුම් ගැන විමර්ෂණය වෙද්දී මෙම නීති උපදෙස් ගෙවීම් ගැන සවිස්තර වාර්තාවක් කෝප් කමිටු සභාපති වරයා විසින් සොයා බලනු ඇතැයි lankasportsnews අවධානයෙන් ඉන්නවා.

කෝප් කමිටුවේ විමර්ෂණයට ලක්විය යුතු අයථා ඉඩම් ගනුදෙනු ඇතුළු දූෂණ රැසක් ඉදිරියේ හෙළිදරව් කරන්නට lankasportsnews බලාපොරොත්තු වෙනවා.



No comments:

Post a Comment