Tuesday, February 8, 2022

ජාතික ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකාරිත්වයට වැඩ බැරි ටාසන්ලා


මීළඟ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා රාජකීය විදුහලේ දැනට පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින ජෙහාන් මුබාරක් පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම තෝරා ගැනීම ක්‍රිකට් විධායක සභාවේ තීරණයක් නොවන අතර ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ අරවින්ද ද සිල්වා හා මහේල ජයවර්ධනගේ තනි කැමැත්තට සිදු කර ඇතැයි පැවසෙනවා.

ජෙහාන් මුබාරක් යනු ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයකු වුවද පුහුණුකරුවකු ලෙස අතිශයින්ම අසාර්ථක වූ පුහුණුකරුවකු ලෙස බොහෝ දෙනා දන්නා දෙයක් බැවින් මෙම තෝරා ගැනීම පිළිබඳ ක්‍රිකට් විධායක සභාවේද විමතිය පළ කරන බව වාර්තා වෙනවා.

මේ වන විට ජාතික මට්ටමේ පුහුණුකරුවන් තේරීම හිතවත්කම් පාසල් සබඳතා අනුව සිදු කෙරෙන බවට තාක්ෂණික කමිටුවට චෝදනා එල්ල වෙමින් තිබෙනවා.

No comments:

Post a Comment