භානුක ආයෙත් දෙවියන් පසුපස
භානුක රාජපක්ෂ කිමී 2 දුවන්න හොරයි. ඒ ක්‍රිකට් තේරීම් කමිටුව දුන් විනාඩි 8 තත්පර 10 සීමාවට දුවන්න බැරි නිසා.
ස්කින්ෆෝල්ඩ්ස් 70 ට අඩු කරන්න නම් කෑමත් අඩු කරන් සෑහෙන්න ඇඟ මහන්සි කරන්න ඕනෙ නිසා ඒක කරන්නත් කම්මැලියි.
ඒ හින්ද නියමිත ශරීර යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙනකල් ක්‍රීඩා ඇමති නාමල් රිටයර් නොවී ඉඳපන් කිව්වත් තේරුම් කමිටුව නම් අවස්ථාවක් නොදෙන බවයි කියවෙන්නේ.
එහෙම නම් භානුක තමන්ගේ දෙයියා සොයා ගෙන යන්න තීරණය කරල හැඩයි.
භානුක කලින් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලින් රිටයර් වෙන්න තීරණය කළෙත් ඒ දෙයියගෙ උපදෙස් නිසයි.
තමන් විසින්ම ප්‍රොපට් යනුවෙන් හඳුන්වා ගන්නා ජෙරොම් ප්‍රනාන්දු නම් බෝන් අගේන් පූජකයාගේ ගෝලයා වන ආමන්ත සමඟ ජෙරොම් දෙයියාගේ ප්‍රවර්ධන වැඩ සටහනකට භානුක සහභාගිවූ අයුරු මෙහි දැක්වෙනවා.
මේ දකින නිවැරදිව ක්‍රිකට් දකින ක්‍රිකට් ලෝලීන් කියන්නේ දෙයියන් පසු පස නොගොස් කලින් වතාවක කළාක් මෙන් සති දෙක තුනක් ඇග මහන්සි කොට ආපහු කණ්ඩායමට එන ලෙසයි.
පෙර ලිපි...
No comments