ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් නරඹන අපේ කලු සුද්දෝ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරග නැරඹීමට එහි වසන ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් පවුල් පිටින් පැමිණ සිටිනු රූපවාහිනියෙනුත්, ෆේස් බුකිය මගිනුත් දුටුවා. ලංකා කණ්ඩායම ඔවුන් දිරි ගැන්වූ අයුරු ගැන ඇත්තේ ඉහ වහා ගිය සතුටක් වුණත් ඇතැමුන්ගේ හැසිරීම හා ක්‍රියා කලාපය ගැන නම් ඇත්තේ කලකිරීමක්.
මේ අතර ලංකාවේ ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් ක්‍රීඩා කර දැනට එහි ගොස් සිට්න තාවකාලික හා දීර්ඝ කාලීන වීසා ලබා ගත් අයත් කලක් ශ්‍රී ලංකා පිල නියෝජනය කර එහි පදිංචිව සිට්න අයත් දුටුවා.
දිනනකොට හෝයියා දමන මොවුන් අපේ කණ්ඩායම පරදින විට ඕස්ට්‍රේලියානුවන් බවට පත් වී අපේ රට හෑල්ලු කිරීමත් දකින්න ලැබුණා.
මේ අතර ඇතැම් ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් පවා ඇඳ සිටියේ ශ්‍රී ලංකා ජර්සියක් හෝ ටී ෂර්ටයක් වුණත් ඔවුන්ගේ දරුවන්ට අන්දා තිබුණේ ඕස්ට්‍රේලියානු ටී ෂර්ට් වීමත් ඔවුන් වැනුවේ ඕස්ට්‍රේලියානු කොඩිය හා චියර් කළේ ඕස්ට්‍රේලියාවට වීමත් බලා සිටියේ ඉමහත් කනගාටුවෙන්.
මොවුන් බොහෝ දෙනාට සිංහලත් අමතක වී ඇති බවත් උජාරුවෙන් ඕස්ට්‍රේලියානු ඇක්ෂන් එකට කැඩිච්ච ඉංගිරිසි කතා කරන හැටිත් බලා හිටියේ පිළිකුලෙන්.
ඒ අතර සමහරු බැසිල් රාජපක්ෂ ඇමතිවරයා උපහාසයට ලක් කරමින් කපුටාස් යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් බීමතින් රඟ දෙන ආකාරයත් දකින්න ලැබුණා.
ඕස්ට්‍රේලියාවට පැමිණ වසර දෙක තුනක් යන්නටත් පෙර තම උපන් දේශය අමතක කරන මේ අමනයන් කලු සුද්දන් වී තම රටටම ගරහන අයුරු බලා ඉන්නත් ලැජ්ජා කරුණක්.
ඇතැමුන් සිංහ කොඩියට කරන නිගාවත් කැපී පෙනුනා.
ඇත්තෙන්ම මේ කලු සුද්දන් ගැන ලියන්නේ ෆේස් බුකියේ හා රූපවාහිනී තිරයට හසු වන්නට රඟන මේ ඊනියා ශ්‍රී ලංකා දේශ හිතයිශීන් ගැන ඇත්තෙන්ම පැන නැගුනු පිළිකුලෙන්.
සුද්දන් බවට පත් වන්නට දඟලන මොවුන්ට තම පශ්චාත් භාගය කවදත් කලු බව නොපෙනෙන්නේ කලිසමට වැසී ඇති නිසයි.
ගීතක සමරසිංහ
මෙල්බර්න් සිට
No comments