මාලිංග බතල හිටවන්නේ කටින්
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් විස්සයි විස්ස පන්දු යැවීමේ උපදේශකයකු ලෙස ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචාරයට එක් කළ ලසිත් මාලිංග ඔහුගේ යූ ටියුබ් චැනලය ඔස්සේ පෙන්වූ මැජික් ප්‍රායෝගිකව කළ නොහැකි අයකු ලෙස මේ දක්වා තරග 4-0 ක් ලෙස පරාජය වීම තුළින් පෙන්වා ඇතැයි විචාරකයෝ පෙන්වා දෙනවා.
තම යූ ටියුබ් චැනලය ඔස්සේ පිතිකරුවන්ට පවා පන්දුවට පහර දෙන අයුරු කියා දුන් මාලිංග කෙසේ වෙතත් මෙතෙක් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස්ට දෙවෙනි වරටද කටුව ගසා ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
ලසිත්ගේ ආගමනය ක්‍රීඩකයන් අතර යළි බෙදීමක් ඇති වන බව දන්නා ක්‍රිකට් බලධාරීන් ලසිත් කණ්ඩායමට එක් වීම ගැන කැමැත්තෙන් නොසිටියද මහේල ජයවර්ධනගේ බලපෑම මත ඔහුව ඕස්ට්‍රේලියානු සංචාරයට එක් කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ අතර යළි මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වීමට බලා සිටින ලසිත් මාලිංග මුම්බායි බලධාරීන්ගේ අවධානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ගමන් බෑගය වෙනුවට මුම්බායි ඉන්දියන් ගමන් බෑගය භාවිතා කරන බවටද චෝදනාවක් මාධ්‍ය මගින් පෙන්වා දී තිබෙනවා.
No comments