මුදල් කාබාසිනියා කරන ක්‍රිකට් තරගාවලියක්
මේ දවස් වල කොළඹ පැවැත්වෙන සුපිරි ක්‍රිකට් තරගාවලියේ තරග වල ප්‍රමිතිය අතිශයින්ම බාල බව ක්‍රිකට් ක්ෂෙත්රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.
ලංකාවේ හොඳම ක්‍රීඩකයන් 75 ක් යාපනය, කොළඹ , ගාල්ල, මහනුවර හා දඹුල්ල යනුවෙන් කණ්ඩායම් පහකට බෙදා පවත්වන මෙම සුපිරි තරගාවලියේ කණ්ඩායම් පහම තරු පහේ හෝටල වල බබල් කොට පැවැත්වීම සඳහා ක්‍රිකට් ආයතනය කෝටි ගණනක් වියදම් කළද අපේක්ෂා කළ ප්‍රතිඵලය එහි දක්නට නොමැති බව පැවසෙනවා.
මේ දක්වා වාර්තා වී ඇත්තේ එකම එක ශතකයකි. පන්දු යැවීමේදීද කැපී පෙනුණු කිසිදු පන්දු යවන්නකු දක්නට නොමැති බවයි වාර්තා වන්නේ.
කොළඹ යනුවෙන් නම් කර ඇති කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනෙකුම එස්.එස්.සී ක්‍රීඩා සමාජයේය.
අනෙකුත් කණ්ඩායම් වලද වැඩි හරියක් සී.සී.සී, ටැමිල් යූනියන්, කෝල්ට්ස් හා එන්.සී.සී. ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන් ය.
ශ්‍රී ලංකා සංචිතයේ ඕස්ට්‍රේලියා යන ක්‍රීඩකයන් කිසිවකු මේ තරග වලට සහභාගි නොවීම නිසා කිසිදු තරගකාරිත්වයක් පෙනෙන්නට නොමැති බව එක් ක්‍රීඩකයෙක් lankasportsnews වෙත පැවසුවා.
විනිසුරු මට්ටමද පහත වැටී ඇති බවත් ඇවිදගන්නට බැරි කොර ගසන විනිසුරුවන්ද තරග විනිශ්චයේ යෙදෙන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.
මෙම තරගාවලිය මෙසේ පවත්වන්නේ අරවින්ද, මහේල,සංගා,මුරලි සිටින තාක්ෂණික කමිටුවේ උවමනාවට අනුව බවයි ක්‍රිකට් ආයතනයේ තරග කමිටු සාමාජිකයෙක් lankasportsnews වෙත පවසා සිටියේ.
කෙසේ වෙතත් මෙය ඉතාමත් අසාර්ථක හා මුදල් කාබාසිනියා කර දමන තරගාවලියක් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අප සමග පැවසුවා.
කෙසේ වෙතත් හෝටල් වෙන් කිරීමේදී ඒ ඒ අයට ඒ ඒ කොමිස් මුදල් බෙදී යන බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.
No comments