කූඩාරමට රිංගා ගත් ඔටුවා දැන් නාමල් පස්සේ
විවිධ තනතුරු තාන්න මාන්න පෞද්ගලික වාසි වෙනුවෙන් ඕනෑම අයකු පස්සෙන් යාමටත් ඕනෑම මුට්ටියක් අල්ලන්නටත් බලු බෙට්ටේ ඇති සතයත් දිවෙන් ගන්නටත් සමත් උන් අප සමාජයේ එමටය.
ක්‍රිකට් ක්‍රීඩාවේත් එවැන්නෝ සිටිති.
කූඩාරමට ඔලුව දමා ගැනීමෙන් පසු එය තුළට ඇඟම රිංගවා ගැනීමේ සමත් එවන් හිටපු ක්‍රීඩකයෙකි.
කලක් ඔහු හිටපු ක්‍රීඩා ඇමති හරින් පස්සේ ගොස් කනිෂ්ඨ තේරීම් කමිටුවට රිංගා ගත්තේය.
ඉන්පසු හරින්ව සහමුලින්ම අමතක කොට සම්මි පස්සෙන් ගොස් කණිෂ්ඨ කණ්ඩායමේ කළමනාකරුද විය.
කණිෂ්ඨ ක්‍රීඩකයන් තරගාවලියක් අතරතුර හෝටලයේ හොඳටම අරක්කු බී ඩෙඟා නටා හසුවුයේද මොහු කළමනාකරු ලෙස කටයුතු කරද්දීය.
එය අවසන් වීමත් සමඟ ජාත්‍යන්තර තරග විස්තර විචාරයටද රිංගා ගත්තේය.
ඔය අතර ලංකා ප්‍රිමියර් ලීගයේ කණ්ඩායමකටද කළමනාකරු ලෙස රිංගා කණ්ඩායමට ඇතුළත් කර දීමට සියයට පනහක් ඉල්ලා ක්‍රීඩකයන් අතර නෝන්ඩි විය.
කූඩාරමට රිංගා ගත් මේ ඔටුවාගේ මීළග ඉලක්කය ජාතික කණ්ඩායමේ කළමනාකරු වීමටය.
මෙය සාර්ථක කර ගැනීමට සම්මි පස්සේ ගිය මොහු දැන් ක්‍රීඩා ඇමති නාමල් පසු පස යන බව වාර්තා වේ.
මොහු කව්දැයි අමුතුවෙන් හඳුන්වා දීම අනවශ්‍ය වනුයේ මොහු ගැන ක්‍රීඩකයන් සැවොම හොඳින් දන්නා නිසාය.
මෙම හිටපු ක්‍රීඩකයා මහා රූස් ස ගස් මතක් වන නමක් ඇති අයෙක් බව කී සැනින් ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ඔබට මතක් වෙන්න ඇති.
- ඉත්තෑවා -
No comments