ප්‍රොපට් ජෙරොම් නම් තක්කඩියාගෙන් බෝන් අගේන් උපදෙස් ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයෝ..!
ලංකාවේ මේ දවස් වල ඉල්ලා අස්වීම් අස් කිරීම් වැලකි. දේසපාලනික සිදුවීම් අතර ක්‍රිකට් වලද එවැන්නක් විය. ජාතික කණ්ඩායමේ සිටි රාජපක්ෂ කෙනෙක් සිම්බාබ්වේ සංචාරය කට මුල තිබියදී ජාත්‍යන්තර පිටියට සමු දෙමින් ඉල්ලා අස්විය.
සාමාන්‍යයෙන් දේසපාලනයේ රාජපක්ෂලාට කිසිවිටෙක ඉල්ලා අස්වීමේ සිරිතක් නොවුනත් ක්‍රිකට් වල ඉල්ලා අස්වූ රාජපක්ෂ වූයේ භානුක රාජපක්ෂය.
දක්ෂ පිතිකරුවකු වුවත් සරීර හොරකු වන භානුක කවදත් ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යාමට කම්මැලියෙකි. මේ හේතුව නිසාම ඔහු වරින් වර කණ්ඩායමෙන් එළියට ගියේය. වරක් යූ ටියුබ් කාරයකු අල්ලාගෙන තමන්ට කැපිල්ලක් ඇති බව කියන්නට ගොස් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලක්ෂ 50 ක දඩයක් ගෙවීමටද ඔහුට සිදු විය.
පසුව පෞද්ගලික අභ්‍යාසක වරයකු සමග මාසයක් දෙකක් මහන්සි වී ඇඟ බස්සාගෙන යළි කණ්ඩායමට ඇතුළත් විය.
විස්සයි විස්ස ලෝක කුසලානයේ හොඳ ඉනිම කිහිපයක් ක්‍රීඩා කළද භානුක ලංකා පිලට නැතිවම බැරි ක්‍රීඩකයකු නොවීය.
ඒ අතර ලංකා ප්‍රිමියර් ලීගය හා ඩුබායි ටී ටෙන් ලීගයට ක්‍රීඩා කළ භානුක එහිදී කෝටි ගණනක් මුදල් ඉපැයීය.
දුවන්න බැරි නිසා ඉල්ලා අස්වුනා..
ලබන ජනවාරි 07 වෙනිදා ජාතික සංචිතයේ සියලුම ක්‍රීඩකයන්ට ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබියදී නියමිත කාලයට තමන්ට කි.මී. 8 දුවන්නට හා ස්කින් ෆෝල්ඩ්ස් අඩු කර ගැනීමට නොහැකි බව දන්නා භානුක තමන්ට එය ඔරොත්තු නොදෙන බවත් පවුලේ කටයුතු වලට මුල් තැන දිය යුතු බවත් පවසා තමන් ජාත්‍යන්තර තරඟ වලින් සමු ගන්නා බව ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා සිටියේය.
මේ අතර කියවුණු තවත් හේතුවක් බව කියවුණේ භානුක දිගින් දිගටම ලීග ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා මෙම තීරණය ගත් බවකි.
මේ අතර ඔහු ඇමරිකාවට ගිය තවත් ක්‍රීඩකයන් ගිය මග යමින් එහි යාමට සැලසුම් කරන බවත් කියවේ.
එහෙත් ඔහු මෙම පියවර ගත්තේ අපේ රටේ නායකයන් ගංගා මෑණියන්ගෙන් උපදෙස් ගන්නාක් මෙන් එක්තරා පූජකයකු ගෙන් ලබා ගත් උපදෙස් නිසා බව දැන ගන්නට තිබේ.
බෝන් අගේන් උපදෙස්...
භානුක යනු කලක සිටම බෝන් අගේන් අදහන්නෙකි. ඔහුගේ ළඟම උපදේශකයා බෝන් අගේන් පාස්ටර් වරයකු වන ජෙරොම් ප්‍රනාන්දුය.
ප්‍රොපට් හෙවත් දෙවියන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා මෙම පාස්ටර් වරයා දැන් ප්රකෝටිපතියෙකි. ඔහුගේ ප්‍රධාන සහායකයා වන්නේ රූපවාහිනියේ රැකියාවද අතහැර දමා විශාල වැටුපකට ජෙරොම් ප්‍රනාන්දු පාස්ටර්වරයා ළඟ සේවය කරන ආමන්ත නමැත්තෙකි.
ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම දැන් ජෙරොම් අනුගාමිකයන් බවට පත්ව තිබේ. කලක් ලංකා කණ්ඩායම තුළත් තේරීම් කමිටුවේත් බෝන් අගේන් ව්‍යාප්තිය ජයටම තිබිණ. වාර්තාවන අන්දමට මෙම පාස්ටර් වරයා විසින් 2022 වසර භානුකට හරි යන්නේ ලීග ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පමණක් යැයි කියා තිබේ.
මේ බව මේ වසර ආරම්භයේ භානුක විසින් තම මුහුණු පොතේ ජෙරොම් පාස්ටර් සමග සිටින සේයාරුවක් සමග පළ කර තිබූ පෝස්ටුවකින් පැහැදිලි වේ.
එම පෝස්ටුව මෙහි දැක්වේ.
බෝන් අගේන් පිල්ලිය තවමත් ක්‍රිකට් කණ්ඩායම තුළ ක්‍රියාත්මක වන බවට මෙය හොඳම උදාහරණයකි.
Lanka E News වෙතින් උපුටා ගැනීමකි......
No comments