• Breaking News

    මහනුවර පාසල් ක්‍රීඩා පිටියක ස්ප්‍රින්කල්ස් ව්‍යාපෘතිය මුදල් ගැහිල්ලෙන් කොට උඩ


    මේ දිනවල මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් ක්‍රීඩාංගණයක පොළොව යටින් දමන බට මගින් ඉහළට එසවෙන වතුර මල් හෙවත් ස්ප්‍රින්කල්ස් සවි කිරීම ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් සිදු කෙරෙනවා. මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 75 ක් බව පැවසෙනවා.



    මාස කිහිපයක් මුළුල්ලේ අදාල ක්‍රීඩාංගණයේ පොළොව හාරා බට දැමීම සිදු කෙරුණද වතුර මල් සවි නොකොට නැවත පිටියේ හාරන ලද වළවල් ගොඩ කරන බවක් දක්නට ලැබෙනවා.

    ඒ මෙම ව්‍යාපෘතිය නිම කරන්නට මුදල් මදි බව කියමින්.

    ලක්ෂ 75 ක්ම වියදම් කොට තවත් මුදල් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගැනීමේ හොරකම කරන්නේ මෙම ව්‍යාපෘතිය කරවන සමාගමේ හොර නියෝජිතයා වන ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික වරයාම වීම සුවිශේෂී සිද්ධියක්.

    මීට පෙර මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේද ස්ප්‍රින්කල්ස් සවි කිරීමෙන් මේ ආකාරයටම ලක්ෂ ගණනක් ගසා කෑ මෙම නිලධාරියා දඹුල්ල ක්‍රීඩාංගණය ඉදි කිරීමේ සිට මේ දක්වා කෝටි ගණනක් යටි මඩි ගැසූ අයෙකු ලෙස ප්‍රසිද්ධයි.

    සාමාන්‍යයෙන් ක්‍රීඩා පිටියක මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ජිනසේන වැනි සමාගමක් වැය කරන්නේ ලක්ෂ 45 ක් වැනි මුදලක් බවත් කියවෙනවා.

    ගොඩ කළ ලියැද්දක් වැනි මේ නිලධාරියා කාලයක් මුළුල්ලේ මේ හොරකම කරන්නේ තමන්ගේම හොර සමාගම් කිහිපයක් ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි කිරීමෙන් බව lankasportsnews වෙත අදාල ලියකියවිලිද සැපයූ තම නම හෙළි කිරීමට අකැමති ක්‍රිකට් ආයතනයේ විගණන අංශයේ නිලධාරියෙක් අප සමග පැවසුවා.



    No comments