• Breaking News

    විශ්‍රාමය ඉවත් කර ගත්තත් භානුක ඇඟ බස්ස ගත්තෙ නැත්තම් නෝ ප්ලේස්


    Lankasportsnews අප වෙබ් අඩවියේ සඳහන් කළ ආකාරයටම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මුණගැසුණු පසු භානුක රාජපක්ෂ තම විශ්‍රාමය ඉල්ලා අස් කර ගත්තා.

    මේ හේතුවෙන් බොහෝ සමාජ ජාලා තුළ භානුක විහිළු කාරයකු බවටත් කවදත් විශ්‍රාම නොයන රාජපක්ෂලා ගණයටම වැටෙන තවත් රාජපක්ෂ කෙනෙකු බවට පත්ව ඇති බවත් සඳහන් වෙනවා.

    කුරහන් සාටකයක් පැළැඳ ගෙන සිටින භානුක රාජපක්ෂගේ මෙහි දැක්වෙන සේයාරුවත් සමාජ ජාල තුළ සංසරණය වෙනවා.



    මෙසේ තම විශ්‍රාමය ඉවත් කර ගත්තත් නැවත කණ්ඩායමට එක්වීමට නම් භානුකට ක්‍රිකට් තේරීම් කමිටුව මගින් ප්‍රකාශයට පත් කළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතු බව lankasportsnews වෙත වාර්තා වෙනවා.

    භානුක ඉල්ලා සිටින කිමී 2 දිවීමට අවශ්‍ය කාල සීමාව වැඩි කරදීමට හෝ ස්කින්ෆෝල්ඩ්ස් 70 සීමාව වැඩි කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව ඉඩ නොදෙනු ඇතැයිද වාර්තාවෙනවා.

    එක් ක්‍රීඩකයකුට පමණක් සහන ලබා දිය නොහැකි යන මතයේ ඔවුන් දැඩිව සිටින බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හෝ එවැනි සහනයක් ඔහුට ලබා දෙනමෙන් ඉල්ලා නැති බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.

    මේ අනුව මීළඟට එළඹෙන ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචාරයටද ඔහුට තේරීමේ අවස්ථාව ලැබෙන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවහොත් පමණක් බව කියවෙනවා.

    භානුක හා ඔහුගේ සමාජ ජාල පේජ් ඇඩ්මින්ලා මොන තරම් කැම්පේන් කළත් තේරීම් කමිටුව ඒවා සත පහකට ගණන් නොගන්නා බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා.


    පෙර ලිපි

    නාමල් නෝන්ඩි වෙද්දී ප්‍රමෝද්‍ය බඩ පිරෙන්න දෙයි


    යනව නම් යන්න භානුක.! නාමල්ටත් ලැජ්ජ නැද්ද ඉන්න කියන්න.!


    ප්‍රොපට් ජෙරොම් නම් තක්කඩියාගෙන් බෝන් අගේන් උපදෙස් ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයෝ..!



    No comments