නාමල් නෝන්ඩි වෙද්දී ප්‍රමෝද්‍ය බඩ පිරෙන්න දෙයි
සංගලා මහේලලා වැනි කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයක් නැති භානුක රාජපක්ෂ වැනි ඇඟ වෙහෙසා ක්‍රීඩා කිරීමට කම්මැලියකු විශ්‍රාම ගන්නා බව කියද්දී අනේ යන්න එපා ඉන්න කියන ක්‍රීඩා ඇමති තුමෙකු සිට්නා එකම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇතැයි බොහෝ දෙනකුගේ කතා බහට ලක්ව තිබෙනවා.
තම භාර්යාවගේ හා පාස්ටර් වරයකුගේ උවමනාවට මුදල් පිණිස ලීග ක්‍රිකට් ගැසීමටත් ඒ අතර ඇමරිකාවේ පදිංචියට යාමටත් බලාපොරොත්තුවෙන් සිටින මොහුව ගෙන්වා ඊයේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා සාකච්චාවක් පවත්වා තිබෙනවා.
ප්‍රොපට් ජෙරොම් නම් තක්කඩියාගෙන් බෝන් අගේන් උපදෙස් ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයෝ..!
මෙය ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව පෙන්නුම් කිරීමක් ලෙස ඇතැම් මාධ්‍ය හුවා දක්වනවා.
එහෙත් ක්‍රීඩක විනය ගැන මහ ලොකුවට කතා කරන ක්‍රීඩා ඇමැතිවරයා නිකම් නෝන්ඩි වන බව ක්‍රීඩා ක්ෂේත්රයේ කතා බහට ලක්ව තිබෙනවා.
යනව නම් යන්න භානුක.! නාමල්ටත් ලැජ්ජ නැද්ද ඉන්න කියන්න.!
එහෙත් මීට සාපේක්ෂව ක්‍රීඩකයන් තම ශාරීරික යෝග්‍යතාවට මුල් තැන දිය යුතු බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.
ඔහු ඒ බව පැහැදිලි කරමින් ස්වර්ණවාහිනියට ලබා දුන් සම්මුඛ සාකච්චාවක් මෙහි දැක්වෙනවා.
ක්‍රීඩා ඇමතිවරයාගේ ඉල්ලීම නිසා තමන් තව දුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමති බව ඔහු හෙට දිනයේ කියන්නට ඉඩ තිබෙනවා.
ඒත් භානුක ආයෙත් කණ්ඩායමට එන්න නම් නියමිත පරීක්ෂණය සමත් විය යුතුයි.
ඒ සඳහා ඔහු කි.මී 2 මිනිත්තු 8 තත් 10 කින් දිවිය යුතු අතර ස්කින් ෆෝල්ඩ්ස් 70 ට අඩු කර පෙන්විය යුතුය. මේ වන විට සිම්බාබ්වේ සංචාරයට නම් කර ඇති සියලු දෙනා මේ පරීක්ෂණයෙන් සමත් වෙලා අවසන්.
නාමල්ටත් භානුක පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන්නේ ජාත්‍යන්තර පිටියේ රාජපක්ෂ කෙනෙකු රඳවා ගැනීමටදැයි සමහරු පවසනවා.
No comments