යනව නම් යන්න භානුක.! නාමල්ටත් ලැජ්ජ නැද්ද ඉන්න කියන්න.!
භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නට තීරණය කළ බව නොබෝදා ක්‍රිකට් ආයතනයට දන්වා සිටියා. ඔහු හදිසියේ මේ තීරණයට එළඹුනේ බෝන් අගේන් පාස්ටර් කෙනෙකු වන ජෙරොම් ප්‍රනාන්දුගේ උපදෙස් අනුව බවත් මාධ්‍ය වල පළවුණා. එය Lankasportsnews අපද වාර්තා කළා ඔබට මතක ඇති.
ප්‍රොපට් ජෙරොම් නම් තක්කඩියාගෙන් බෝන් අගේන් උපදෙස් ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයෝ..!
මේ අතර ඔහු මෙතරම් ඉක්මනින් විශ්‍රාම යන්නේ ඉදිරියේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය ඇතුළු වෙනත් ප්‍රිමියර් ලීග වලට මුදල් තන්හාවෙන් ක්‍රීඩා කිරීමේ අදහසින් බවත් බංග්ලාදේශ ප්රිමියර්ව ලීගයේ ඔහුට ලැබීමට නියමිත මුදල ඩොලර් 75,000 ක් බවත් කියවෙනවා.
සිම්බාබ්වේ සංචාරයට පෙර පැවති ක්‍රීඩක ශරීර යෝග්‍යතා පරීක්ෂණය මග හැර සිටීමටද ඔහුට අවශ්‍යව තිබුණු බවත් තමන් හරි හැටි ශාරීරික ව්‍යායාම නොකර කකා බිබී සිටින බැවින් අනිවාර්යයෙන් ඉන් අසමත් වන බව ඔහු දැන සිටි බවත් වාර්තා වෙනවා.
තම විශ්‍රාම ලිපියේ ක්‍රිකට් ආයතනය මගින් කි.මී 2 දිවීම මිනිත්තු 8.35 සිට මි. 8.10 දක්වා අඩු කිරීමද නැවත සළකා බලන ලෙස ඔහු දන්වා තිබෙනවා.
ඒත් අනෙකුත් ක්‍රීඩකයන් සියලු දෙනා මි.8.10 ට වඩා අඩුවෙන් එය නිමකරද්දී ක්‍රීඩකයන් හත් දෙනෙකු මි.7 කින් එම දුර දිවීමෙන් ඔප්පු කළේ භානුක කොතරම් සරීර හොරකුද යන්නයි.
තවමත් තරග ස්වල්පයකට පමණක් ක්‍රීඩා කර තරගයක් දිනීමටවත් දායකත්වයක් නොදැක්වූ භානුක වැන්නකු කෙසේ හෝ තබා ගත යුතු බවට ඔහුගේ කළමනාකරු විසින් මේ වනවිට මුදල් වියදම් කර සමාජ ජාල පිටු ඔස්සේ ප්‍රචාරයක්ද ගෙන යමින් සිටිනවා.
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂත් දෙකේ කොළයට වැටෙමින් භානුකට තම තීරණය වෙනස් කරන මෙන් ලිපියකින් ඉල්ලා තිබීම බොහෝ දෙනාගේ විහිළුවට ලක්ව ඇති බවයි lankasportsnews වෙත වාර්තා වෙන්නේ. අපේ රටේ ක්‍රීඩා,ඇමතිත් වැටී ඇති තැනක් හැටියට මොවුන් පවසනවා.
මීට පෙර රට වෙනුවෙන් විශාල තරග සංඛ්‍යාවකට සහභාගි වී විශාල ලකුණු සඛ්‍යාවක් රැස් කර තරග රැසක් දිනා දුන් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විශ්‍රාම ගන්නා විටවත් එවකට සිටි ක්‍රීඩා,ඇමතිවරුන් මෙවැනි ඉල්ලීම් නොකළ බවයි ඔවුන් පවසන්නේ.
භානුකගේ මුදල් වලට සමාජ මාධ්‍ය වල කුලියට කහින බොරු ක්‍රිකට් ප්‍රේමීන්ට,බලා ගැනීමට මෙහි භානුක රට වෙනුවෙන් කර ඇති දේත් සංගක්කාර රට වෙනුවෙන් කර ඇතිදේත් මෙහි සඳහන් කරනවා. ඉදිරියේදී හදිසියේ විශ්‍රාමය දන්නවන්න බලාපොරොත්තු වන්නන්ට නීති මාලාවක් පැනවීමට ක්‍රිකට් ආයතනය ගත් පියවර බොහෝ දෙනාගේ පැසසුමට හේතු වී තිබෙනවා. මේ අතර තවත් වාර්තාවකින් කියවෙන්නේ තම බිරිඳගේද බලපෑම මත භානුක ඉදිරියේ ඇමරිකාවේ පදිංචියට යාමේ බලාපිරොත්තුවකින්ද පසු වන බවයි.
No comments