• Breaking News

    තහනම් ගහේ ගෙඩි කෑ තිදෙනා කෝටියේ දඩ මුදල ගෙවයි


    එංගලන්තයේදී ජීව බුබුල කඩමින් තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් ජාත්‍යන්තර හා දේශීය තරග තහනමකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක , නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් යන තිදෙනා ලංකා ප්‍රිමියර් ලීගයට පෙර ක්‍රිකට් ආයතනයට පැමිණ ඔවුන්ට පනවා තිබූ රුපියල් කෝටිය බැගින් වූ දඩ මුදල ගෙවා දමා ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.


    ලබන වසර තෙක් ඔවුන්ට ජාත්‍යන්තර තරග සඳහා සහභාගි විය නොහැකි අතර පසුගියදා අවසන් වූ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියටද ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවසර ලැබුණේ නැහැ.

    එහෙත් ලංකා ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට ලැබුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම නිසාය.

    එක් අයකුට රුපියල් කෝටිය බැගින් ක්‍රිකට් ආයතනයට දඩ මුදලක් ගෙවන ලෙස ඔවුන්ට දන්වා තිබුණත් තමන් අත මුදල් නොමැති බව කියමින් ඔවුන් පසුගියදා තෙක් එම දඩ මුදල ගෙවීම මගහැර සිට ප්‍රිමියර් ලීගයට පෙර පැමිණ එම මුදල ගෙවා ඇතැයි වාර්තා වේ.

    මේ වන විට ඔවුන්ගේ ස්ථාන වලට වෙනත් ක්‍රීඩකයන් පැමිණ දස්කම් දක්වා ඇති බැවින් ප්‍රිමියර් ලීගය හරහා තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමේ සමාජ ජාලා මෙහෙයුමක්ද මොවුන් අරඹා තිබෙනවා.

    මේ වන විට තම පදිංචිය ස්ථාවර කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ලසිත් මාලිංග හරහාද පසුගියදා නිරෝෂන් දික්වැල්ල ඔහුගේ කළමනාකරු කිංග් මේකර් යනුවෙන් තමන්ම හඳුන්වා ගන්නා අමිල කළුගලගේ සමග යූ ටියුබ් සාකච්චාවක් පවත්වන්නට යෙදුණා. මේ හේතුවෙන් ක්‍රිකට් ලෝලීන් ලසිත් මාලිංගවද සමච්චලයට ලක් කර තිබුණා.


    සබැඳි පෙර ලිපි

    කැපුන තුන් කට්ටුව දේශීය තරග බිමෙනුත් දොට්ට


    තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇමරිකා යන බව කීම පල් බොරුවක්


    ජාතික පිලට එක්වන්න ක්‍රීඩකයන් දේශපාලඥයන් පසුපස



    No comments