ක්‍රිකට් ආයතනය ප්‍රිමියර් ලීගයේදී (LPL 2021 ) හැඳි කීපයකින් බෙදයි
ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ සිට ගැටළු තිබූ බව lankasportsnews ලංකාවේ පළමු මාධ්‍ය වෙමින් පෙන්වා දුන්නා. අනතුරුව මහේල ජයවර්ධනත් ට්වීට් පණිවුඩයක් මගින් ඒ බව සනාථ කිරීමෙන් පසු අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයන් දස දෙනෙක් කණ්ඩායම් වලට ඇතුළත් කර ගත යුතු බව ක්‍රිකට් ආයතනය කණ්ඩායම් හිමි කරුවන්ට දැනුම් දුන්නා. ඒ සමගම තවමත් කණ්ඩායම් දෙකකට නිල අයිතිකරුවන් නොමැති බවත් අප වාර්තා කළා.
මේ අතර හිටි අඩියේ තෝරා ගැනුණු ඇතැම් ක්‍රීඩකයන් අනුව මෙවර තරගාවලියේ තරග පාවා දීම් සිදුවීමට ඉඩ ඇති බවට සැකයක් පහළ වී ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා. මේ නිසාම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් මෙම තරගාවලිය ගැන අවධානයෙන් සිටින ලෙස අයිසීසි යේ දූෂණ මර්ධන ඒකකයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අයිසීසියද මේ තරගාවලිය සඳහා විශේෂ නිලධාරින් පිරිසක් මෙහි එවීමට කටයුතු කර ඇතැයි lankasportsnews වෙත වාර්තා වුණා.
මේ අතර ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පුහුණු කරුවන් අද ප්‍රකාශයට පත් කෙරුණා. සියලු කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු විය යුත්තේ විදෙස් පුහුණුකරුවකු බවට ක්‍රිකට් ආයතනය නිවේදනය කළත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ තිළිණ කණ්ඩම්බියි. එම කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ සචිත් පතිරණයි. ඔහු මේ වන විට අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේද දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරද්දී මෙහි කටයුතු කරන්නේ කෙසේදැයි බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙලා තිබෙනවා. සචිත්ගේ පියා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සිටින නිසා ඔහුට එම වරප්‍රසාදය ලැබී ඇතැයි කියවෙනවා.
දහනමයෙන් පහළ කණ්ඩායම ඉදිරි සති කිහිපයේ එංගලන්ත පිලේ සංචාරයකටත් ආසියානු කුසලාන හා ලෝක කුසලාන තරගාවලි වලටත් සහභාගි වෙන්න නියමිතයි. එසේ තිබියදී පසුගිය තරගාවලියේදී කණ්ඩායම් වල සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කළ හා දැනට දහනමයෙන් පහළ කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස සචිත් සමගම කටයුතු කරන උපුල් චන්දන,චමිල ගමගේ යන පුහුණුකරුවන්ටත් කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නටත් මෙවර ප්‍රිමියර් ලීගයේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්න අවසර දී නැති බව කියවෙනවා. එසේ තිබියදී සචිත් පතිරණ ඔහුගේ මුහුණු පොතේ ජැෆ්න කින්ග්ස් කණ්ඩායමට තමන් එක් වෙන බව ඔහුම දමා තිබෙනවා. ක්‍රිකට් ආයතනයත් එක් එක් අයට එක් එක් හැන්දෙන් බෙදන බවට මෙය හොඳ නිදසුනක්. ඒ වගේම ජැෆ්න කින්ග්ස් අයිතිකරුවන්ටද විශේෂ සැළකිල්ලක් දක්වන බව ප්‍රධාන පුහුණුකරු නීතිය ඔවුන් වෙනුවෙන් නැවීමෙනුත් පේනවා.
සබැඳි පෙර ලිපි
No comments