ලංකා ප්‍රිමියර් ලීගය (LPL 2021) ආරම්භයේදීම අනා ගනී
ලංකා ප්‍රිමියර් ලීගය (LPL 2021) ආරම්භයේදීම අනා ගන්නා තත්වයකට පත්ව තිබෙනවා. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 ක් පරිදි ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වුවද දැන් එය 22 දක්වා ඉහළ දැමීමට යන බවක් lankasportsnews වෙත වාර්තා වෙනවා. ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය කණ්ඩායම් හිමි කරුවන්ට දන්වා ඇතත් මේ සඳහා අමතර මුදලක් වියදම් කළ නොහැකි බව ඔවුන් දන්වා තිබෙනවා.
ක්‍රීඩක වෙන්දේසියේදී නාකි ක්‍රීඩකයන් තෝරා දක්ෂ ක්‍රීඩකයන් කපා හැර තිබීම ගැන Lankasportsnews අප අනාවරණයට පසු සිදුකළ මහේල ජයවර්ධනගේ ට්වීට් පණිවුඩය මාධ්‍ය විසින් උළුප්පා පෙන්වීම තුළ ක්‍රිකට් බලධාරීන් මෙසේ නොතේරුණු කුසල් ජනිත්, ධනන්ජය සිල්වා, දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයන් අට දෙනෙකු ලීගයට ඇතුළත් විය යුතු බව දන්වා ඇත. මේ හේතුවෙන් තරගාවලි අධ්යක්ෂ රවීන් වික්‍රමරත්නට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත් මේ නිසා රුපියල් කෝටි ගණනක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අරමුදලින් ගෙවීමට සිදුවනු බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා. මේ පිලිබඳ අප සිදුකළ පසුගිය අනාවරණයන් මෙසේයි.
ලංකා ප්‍රිමියර් ලීගය 2021 නාකි ලීගයක් බවට පත් කළ ක්‍රීඩක වෙන්දේසියක්
ලංකා ප්‍රිමියර් ලීගය (LPL 2021) ගැන ලංකාස්පෝට්ස්නිව්ස් කිව් දේ මහේලත් තහවුරු කරයි
මේ අතර කණ්ඩායම් දෙකක හිමිකාරිත්වය පිළිබඳවද ප්‍රශ්න ඇති බවත් එසේ තිබියදී මෙම වෙන්දේසිය පැවැත්වූයේ කෙසේද යන්නත් ගැටළුවක් වී ඇතැයි ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු lankasportsnews වෙත පවසන්නට යෙදුණා. මෙම හිමිකරු ගැටළුව නිසා මෙතෙක් කණ්ඩායම් වල හිමිකරුවන් පිළිබඳ විස්තරයක් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් හෙළිදරව් කර නැහැ.
No comments