• Breaking News

    ලංකා ප්‍රිමියර් ලීගය (LPL 2021) ගැන ලංකාස්පෝට්ස්නිව්ස් කිව් දේ මහේලත් තහවුරු කරයි


    මෙවර ලංකා ප්‍රිමියර් ලීගය (LPL 2021) සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම අවුල් සහගත බවත් නාකි ක්‍රීඩකයන් තෝරා සුදුස්සන් කපා දමා ඇති බවත් lankasportsnews අප වාර්තා කළ අතර එය ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ද සනාථ කර තිබෙනවා. මහේල ට්වීට් පණිවුඩයක් මගින් සඳහන් කරන්නේ අඩියක් පෙරට තබන විට තව අඩි පහක් පිටුපසට තබන්නේ නම් රටක් පෙරට යන්නේ කොහොමද කියායි.
    මෙය ක්‍රීඩකයන්ගේ සැබෑ දක්ෂතා මැන බලන දේශීය තරගාවලියක් බව අමතක නොකළ යුතු බවත් ඔහු කියා තිබෙනවා.


    නිවැරදි ක්‍රීඩකයන් තෝරා නොගැනීම පමණක් නොව ඒජන්තයන් විසින් යටින් ගසන ලද ගේම් ගැන පවා lankasportsnews අප එහිදී අනාවරණය කළා. මෙහි දැක්වෙන්නේ මහේලගේ ට්වීට් සටහනයි.




    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකු සමග අනිල් මොහාන් ඇතුළු තවත් කිහිප දෙනකු විසින් ප්‍රිමියර් ලීගය මුවාවෙන් කරනු ලබන තවත් මගඩි lankasportsnews වෙතින් ඉදිරියේදී හෙළිදරව් කිරීමට සැලසුම් කර තිබෙනවා.


    මේ අතර Lankasportsnews අප සිදුකළ අනාවරණයට පසු ශ්‍රී ක්‍රිකට් ආයතනයේ රැස්වූ විධායක සභාව අසාධාරණයට ලක්වූ මෙවර විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් වහාම කණ්ඩායම් වලට ඇතුළත් කළ යුතු බවට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.


    පෙර ලිපිය

    ලංකා ප්‍රිමියර් ලීගය 2021 නාකි ලීගයක් බවට පත් කළ ක්‍රීඩක වෙන්දේසියක්





    No comments