ලංකාවේ ක්‍රිකට් වනසන විනි සොරුන් - Exclusive Video Exposed
ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් ක්‍රීඩකයන් ගැන මිසක් විනිසුරුවො ගැන කතා කරනවා අඩුයි. අදමිටු පාලකයො ගැන බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය කතා නොකරද්දි lankasportsnews ඔවුන් ගැනත් බොහෝ දේ හෙළිදරව් කළා. අද lankasportsnews අවධානය යොමු වෙන්නෙ ක්‍රිකට් විනිසුරුවො ගැනයි.
අද ගාල්ලේ ආරම්භ වන කොදෙව් පිල සමග ටෙස්ට් තරගයේ අතිරේක විනිසුරු වන්නේ ලින්ඩන් හැනිබල්. මොහු කාලයක් මුළුල්ලේ ඉහළම ශ්‍රේණිගත කිරීමකින් ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලට ඇතුලත් අයෙක්. දේශීය තරග වල හොඳ නමක් හා ක්‍රීඩකයන් අතර විශ්වාසයක් ගොඩ නංවාගැනීමේ අසමත් විනිසුරුවරයකු වුණත් හැනිබල් මෙසේ ඉහළම ශ්‍රේණියේ සිටීම බොහෝ හොඳ විනිසුරුවරුන්ගේ කතා බහට ලක්වෙලා තිබෙනවා.
මේ සඳහා ක්‍රිකට් විනිශ්චය ගැන මෙලෝ හසරක් නොදන්නා ක්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුවත්, එහි විනිසුරු උපදේසකයකු ලෙස සේවය කරන *කන්න බොන්න* බැරි විජේවර්ධනත්, අයිසීසී විනිසුරු නියෝජිත පීටර් මැනුවෙලුත් හැනිබල්ට හොඳ සහයක් දක්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
පසුගියදා තිබුණු රාජකීය - සා.තෝමස් මහා ක්‍රිකට් තරගයේදී ඔහු සා.තෝමස් පිලට වාසි සහගත වින්ශ්චයන් කීපයක්ම දුන්නා. මෙහි දැක්වෙන්නේ එවැනි අවස්ථා දෙකක්. මේ හේතුවෙන් සා. තෝමස් පිල මුල් ඉනිමේ අවමානයෙන් බේරුණා.
හිට් විකට් වනු හා යාර ගනනක අඩු ලකුණක් ( short run) නොදකින්න නම් ඔහුගේ ඇස් පෙනීම හොඳටම දුර්වල විය යුතුයි.
එහෙම නැත්තන් ඔහු සා.තෝමස් පිලෙන් ජරාවක් කා තිබිය යුතුයි.
මීට පෙර පවත්වපු රාජකීය- සා.තෝමස් මහා ක්‍රිකට් තරගයකදීද කොට්ටච්චි නම් විනිසුරු වරයකු මෙලෙසම පක්ෂග්රාහීව තීරණාත්මක අවස්ථාවක දුවද්දී දැවී යාමක් නොදී හිටියා. දැන් ඔහුට මේ තරගය තහනම්. තවත් විශේෂ දෙයක් නම් ක්‍රිකට් විනිසුරුවන්ට උපදේශකයකු ලෙස කටයුතු කරන ධර්මසේනත් මොහුට සහාය දැක්වීමයි.
ඉංගිරිසියෙන් කතා කිරීමට හැකි පමණින් පිටිය මැද පිස්සු කෙළින මෙවැනි විනිසුරන් කරන්නේ නැගී එන තවත් දක්ෂයකුගේ අවස්ථාව නැති කිරීම බව ජ්‍යේෂ්ඨ ක්‍රිකට් විනිසුරුවරයකු lankasportsnews වෙත පැවසුවා. මොවුන් විනිසුරන් නොව විනිසොරුන් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.
මේ අතර වරෙන්තු නිකුත් කර වසරක කාලයක් යන තුරුත් ගවේෂණාත්මක මාධ්‍යවේදී හසිත අකලංක දෙයාලගේ අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ගැන පොලීසිය ලැජ්ජා විය යුතු බව අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය හා CSN නාලිකාව පිලිබද සිදුකළ විමර්ශන සදහා අසත්‍ය සාක්ෂි ලබා දුන් බවයි හසිත අකලංක දෙයාලගේට එල්ල වී ඇති චෝදනාව වන්නේ. මේ පිලිබද අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එලෙස අසත්‍ය සාක්ෂි ලබාදී පරීක්ෂණ වෙනත් මානයකට යොමුකිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පසුගිය වසරේ පොලීසිය අවසර ඉල්ලා සිටියා. ඒ වෙනුවෙන් පසුගිය වසරේදී සිතාසි නිකුත් කළ බව Lankasportsnews අප වාර්තා කළා.
කෙසේ වෙතත් ඒ සදහා වසරක් ගතව ඇතත් මෙතෙක් ඔහුට සිතාසි භාරදීමට හෝ නොහැකිවීම පිලිබද අප ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන් විමසා සිටියා. එහිදී ඔහු Lankasportsnews අප වෙත කියා සිටියේ හසිත අකලංක දෙයාලගේ මේ වන විට එංගලන්තයට පැනගොස් ඇතැයි වාර්තා වන බවයි. ඔහුගේ පවුල පිලිබද විමර්ශන ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. හසිත අකලංක දෙයාලගේ අවසන් වරට වාසය කළ නිවස වසා දමා ඇති බවත් එම ජේෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා. මේ අතර හසිතගේ බිරිද පිලිබද සෙවීම සිදුවන බව ජේෂ්ඨ පෙලිස් නිලධාරියෙක් Lankasportsnews අප වෙත කියා සිටියා. ඇගේ ජීවිතයද මේ වන විට අනතුරේ බව සදහන් කළ යුතුයි. මෙලෙස සිදුකරන පරීක්ෂණ අවසන් වන්නේ ජීවිත හානියකින් බවට ඕනෑ තරම් උදාහරණ පවතිනවා. එලෙස පොලිස් අත් අඩංගුවේ සිටියදී මියගිය අය ඔබට මතක ඇති.
කෙසේ වෙතත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් දඩයම් කිරීමේ අලුත්ම ක්‍රමය මෙය බව පැවසිය යුතුයි. හසිත අකලංක දෙයාලගේ මෙරට සිදුවන ක්‍රිකට් තරග මුදලට පාවාදීම් ගැන ගවේශනය කළ ප්‍රධාන මාධ්‍යවේදියායි. එමෙන්ම ප්රවෘත්ති ඉදිරිපත් කිරීම මෙන්ම ඔහු කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවතින ආන්ඩුවට එරෙහිව නොබියව ප්‍රශ්න කළ අයෙක් බව සිහිපත් කළ යුතුයි.
No comments