• Breaking News

    ක්‍රිකට් විනිසුරුවන්ගේ පරීක්ෂණත් කෙරෙන්නේ හොරට !


    දිගින් දිගටම ලංකාවේ ක්‍රිකට් විනිසුරුවන්ගේ කතා lankasportsnews හෙළි කරද්දී ශ්‍රේණි ගත කිරීම් වල උඩට ඒම සඳහා කරන බලු වැඩ ගැන කතා ලැබෙමින් පවතිනවා. මේත් එවැනි කතාවක්. ඊළඟ වසර සඳහා විනිසුරුවන් වර්ගීකරණය වෙනුවෙන් පවත්වපු ලිඛිත හා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදීත් අක්‍රමිකතා සිදුව තිබෙනවා.


    ඇතැම් හිතවත් විනිසුරුවන්ට ප්‍රශ්න පත්‍රය කලින් ලබා දීමත් වැඩියෙන් ලකුණු දීමත් කලක් මුළුල්ලේ සිදු වන දෙයක්.

    ළඟකදී පවත්වපු ලිඛිත පරීක්ෂණයට පසු ශාරීරික යෝග්‍යතාව මැනීමේ පරීක්ෂණය නිම කොට සියලු දෙනා නික්ම යාමෙන් පසු එක්තරා සහෝදරයන් දෙපළක් පමාවී පැමිණියත් ඔවුන්ට එම පරීක්ෂණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

    හැමෝම ගියත් එක් විනිසුරුවරයෙක් කුමක් හෝ හොරයක් සිදු වනු ඇතැයි සිතා සැඟවී බලා සිට ඇතැයි වාර්තා වෙනවා.

    මෙහිදී ඔහු දැක ඇත්තේ පමාවට හේතුව කොවිඩ් නිසා වූ සංචරණ සීමා හේතුවෙන් හා රථ වාහන තදබදය බව ඔවුන් පවසන අයුරුයි.

    මේ සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා ගොත ගසන්නකු හා ඇවිදින විට කොර ගසන්නකු බව හැමෝම දන්නා කරුණක්.

    ට්‍රෙඩ්මිල් එකේ ඇවිදිද්දී මොහු ඇද වැටී ඇතත් පරීක්ෂක වරයා ඔහුව ඉන් සමත් කර තිබෙනවා.

    මොහුව ලංකා ප්‍රිමියර් ලීගයටත් පත් කර තිබෙනවා.

    මේ විනිසුරුවරයා නිල් මහ සටනේදී පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිසා නැවත එම තරගයට නොඑවන ලෙස සා.තෝමස් පිල දන්වා තිබෙන අයකුද වෙනවා.


    සුදුසුකම් අඩු විනිසුරන් මෙසේ ප්‍රමෝට් කිරීම මගින් ලංකාවේ ක්‍රිකට් විනිසුරු මට්ටම දිනෙන් දින පහළ යාම පුදුමයට කරුණක් නොවන බවයි විනිසුරුවෝ lankasportsnews වෙත පැවසුවේ. මීට අමතරව ක්‍රිකට් ආයතනයේ විනිසුරු කළමනාකරුද අත්තනෝමතික ලෙස කටයුතු කරන්නෙක් බවට චෝදනා තිබෙනවා.


    සබැඳි පෙර ලිපි

    ලංකාවේ ක්‍රිකට් වනසන විනි සොරුන් - Exclusive Video Exposed


    ක්‍රිකට් විනිසුරු කමිටුවෙන් තවත් අසාධාරණ පත් කිරීමක්



    No comments