ස්ත්‍රී දූෂණයකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට චෝදනා - අසම්මත ලිංගික ක්රියාවලත් යෙදිලා
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කලින් කලට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වනවා. මුදල් වීසි කිරීම හේතුවෙන් දෝ එම චෝදනාද වීසිවී යනවා. මෙවර ක්‍රිකට් ආයතනයක් හෙලවීමට සමත් ස්ත්‍රී දූෂණ චෝදනාවක් හා පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.
ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩක හර්දික් පාන්ඩයා මත් ද්‍රව්‍ය පානය කොට ස්ත්‍රී දූෂණයක් කළ බවට චෝදනාවක් එල්ල වී ඇති බව ක්‍රික් ටුඩේ (CRICTODAY) වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඔහු අතින් දූෂණයට ලක්ව තිබෙන්නේ සුප්‍රසිද්ධ පාතාල නායකයකු වන ඩාවුඩ් ඒබ්රහම්ගේ ඉතා කිට්ටුවන්තයෙකුගේ බිරිඳ බවයි වාර්තා වන්නේ.
පොලිසියට පැමිණිල්ලක්
රියාස් බාතියා නම් ඇය මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසියට පැමිණිල්ලක් කොට තිබෙනවා.
ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ වගන්ති නමයක් යටතේ ඇයගේ පැමිණිල්ල ලියාපදිංචි කළ බවයි වාර්තා වන්නේ.
ඇගේ පැමිණිල්ලට අනුව මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර සිටි පාන්ඩයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු තමා දූෂණය කළ බවත් එහිදී එම තිදෙනා අසම්මත ලිංගික ක්‍රියාවල යෙදුන බවටත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
තවත් දෙදෙනෙකුට චෝදනා
පාන්ඩයාට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද තමාව දුෂණය කළ බවට ඇය පැමිණිලි කොට තිබෙනවා.
ඒ 2011 වර්ෂයේ ලෝක කුසලාන කුසලාන දිනූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ මුනාෆ් පටෙල් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති වන රජීව් ශුක්ලා යන අයයි.
ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සමග ලිංගික සබඳතා පවත්වන ලෙස සිය ස්වාමිපුරුෂයා තමන්ට තර්ජනය කළ බව ද, එසේ නොකරන්නේ නම් තමාව හා තම දරු තිදෙනාව මරා දමන බවට ඔහු තර්ජනය කළ බව ද ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.
ක්‍රීඩා ලෝලීන්ගේ ඉල්ලීම
එහි ප්‍රතිඵලයක් ලෙස මුනාෆ් පටෙල් සමඟ තමාට හෝටලයකදී යහන් ගත වීමට සිදු වූ බවයි ඇය පොලිසියට පවසන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම හර්දික් පාන්ඩයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ඉල්ලීමක්ද මේ වන විට මතුවෙමින් තිබෙන බවයි lankasportsnews වෙත වාර්තා වන්නේ.
ලංකාවේත් මෙවැනිම සිදුවීමක්
මෙවැනිම සිදුවීමක් 2010 වසරේදී සිම්බාබ්වේ රටේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බන්ධව වාර්තා වුණා.
එම වසරේ සිම්බාබ්වේහි සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු 16 හැවිරිදි සිම්බාබ්වේ ජාතික දැරියක පොළඹවාගෙන රැගෙන ගොස් ඇයව දූෂණය කළ බවත් ඉන් පසු පොලිස් අත් අඩංගුවට පත්වූ ඔවුන් පගාව දී ලංකාවේ එවකට බලධාරින් විසින් නඩු නොගොස් බේරා ගත් බවත් වාර්තා
වුණා.
එහිදී තිලකරත්න ඩිල්ෂාන් පමණක් මෙම බාල වයස්කාර දැරිය දූෂණය කර තිබූ බවත් වහාම එරටින් පිටුවහල් කරනු ලැබූ ඔහුට අදටත් එහි වීසා නොළැබෙන බවත් සඳහන්.
Dilshan Barred From Entering Zim?
සබැඳි පෙර ලිපි
No comments