ජාතික පිලට එක්වන්න ක්‍රීඩකයන් දේශපාලඥයන් පසුපස
ලංකාවේ ක්‍රිකට් පරිපාලනය දේශපාලඥයට යටත්ව තිබීම කාලයක් මුළුල්ලේ තිබෙන්නක් වුවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමට රිංගා ගැනීමටත් දේශපාලඥයන් පසුපස ගොස් බලපෑම් කිරීම අලුත්ම විලාසිතාව බවට පත්ව ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
දැන් පාර්ලිමේන්තුව තුළත් ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන කතා කරන්නට පටන් ගෙන ඇති අතර ආසන්නම සිදුවීම වන්නේ සඳුදා (8)පාර්ලිමේන්තුවේදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකුද වන ලක්ෂමන් කිරි ඇල්ල මහතා තහනමට ලක්ව ඇති ධනුෂ්ක, කුසල් හා නිරෝෂන් යන ක්‍රීඩකයන් තිදෙනා ගැන කතා කිරීමයි.
ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මොවුන් තිදෙනාගේ තහනම ඉවත්කොට නැවත කණ්ඩායමට ගන්නා ලෙසයි.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පස්සේ ගිය මේ ක්‍රීඩකයන් තිදෙනා දැන් විපක්ෂ මන්ත්‍රී වරුන් පසු පස යාමටද පටන් ගෙන තිබෙනවා.
පසුගිය මහ මැතිවරණ සමයේද තිරිමාන්න, ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා යන ක්‍රීඩකයන් හම්බන්තොට නැවතී සිටිමින් නාමල් රාජපක්ෂගේ මැතිවරණ කටයුතු වලට සහාය දුන්නේද යළි කණ්ඩායමට රිංගීම සඳහා බව කියවෙනවා.
මේ අතර අවුරුදු දහ නමයෙන් පහළ කණ්ඩායමට තම පුතුන් හා නෑයින් රිංගවා ගැනීම සඳහා රවුෆ් හකීම්, දිලුම් අමුණුගම , කුරුණෑගල පුරපති, මහින්දානන්ද යන මැති ඇමතිවරුන් හමුවී තේරීම් කමිටුවට බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
පෙර ලිපි
කැපුන තුන් කට්ටුව දේශීය තරග බිමෙනුත් දොට්ට
No comments