ලංකා ප්‍රිමියර් ලීගය 2021 නාකි ලීගයක් බවට පත් කළ ක්‍රීඩක වෙන්දේසියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අනිල් මොහාන් සමග එක්ව සංවිධානය කරන දෙවැනි LPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසිය පුස්සක් බවට පත්ව තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් අනාගතයට උපකාරයක් විය යුතු නම් මේ තරගාවලියේ ලංකාවේ දක්ෂතම හා නැගී එන ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබිය යුතු වුවත් මේ ඊනියා වෙන්දේසියේදී එවැන්නක් සිදු වී නැහැ.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති උපුල් තරංග, ගිහාන් රූපසිංහ වැනි ක්‍රීඩකයන් හා තවම පළමු පෙළ ගහන්නන් වාලේ ගහන ලොම් හැලුණු අවුරුදු 30 පැන්න මිලින්ද සිරිවර්ධන, ටී. එම්. සම්පත්, ඇන්ජෙලෝ පෙරේරා වැන්නන් ඉහළ ගණන් වලට තක්සේරු කර තෝරා ගැනීමේත් ඇත්තේ යට සැගවුණු කතාවක්. මේ වන විට රටේ උඩු දුවමින් තිබෙන ඒජන්තයන්ගේ මාෆියාව මේ පිටුපස ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ වෙන්දේසිය පිටුපස රොෂාන් අබේසිංහ , රවි ද සිල්වා , අසංක හා අමිල කළුගලගේ යන ඒජන්තයන් යටින් ගේමක් ගසා ඇති බවක් lankasportsnews වෙත වාර්තා වෙනවා. රොෂාන් අබේසිංහ උඩින් වෙන්දේසියේ ක්‍රීඩකයන් හඳුන්වා දෙන විස්තර විචාරකයකු ලෙස කටයුතු කළත් අඩු ලංසු ගණයට පවා තමන් සභාපති ධූරය දරණ රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කණ්ඩායම් වලට රිංගවීමට සමත්වී තිබෙනවා.
ක්‍රීඩකයන් 30 කගේ පමණ ඒජන්තයකු ලෙස කටයුතු කරන සම්පත් බැංකුවේ අමිල කළුගලගේ නමැත්තා කොමිස් මුදලට තමන්ගේ ක්‍රීඩකයන් රිංගවීමට ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයකු සමග එක්ව ලොකු ගේමක් ගසා ඇති බවත් වාර්තා වෙනවා. තරග පාවා දීම් සඳහා ක්‍රීඩකයන් පොළඹවන්නකු දැයි මොහු ගැන අයිසීසියේ දූෂණ විමර්ෂණ ඒකකයද සෙවිල්ලෙන් සිටින බවක් වාර්තා වෙනවා. එසේම ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස පෙනී සිටිමින් තරග වල කාලගුණ තොරතුරු හා කණ්ඩායම් විස්තර මුහුණු පොත හරහා ඔට්ටු තබන්නන්ට කල් තබා දැනුම් දීම සම්බන්ධවද රොෂාන් අබේසිංහ සැකයට භාජනය වී තිබෙනවා. අද හෙටම ඔහුවත් අයිසීසියේ ඇන්ටි කරප්ෂන් වෙත කැඳවනු ඇතැයි වාර්තා වෙනවා.
ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අකිල ධනන්ජය, ධනන්ජය ද සිල්වා, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම ඇතුළු දකෂයන් රැසක්ම කැපී ගොස් නම් වත් අසා නැති ඇතැම් ක්‍රීඩකයන් තෝරා ගැනීම තුළින් මෙම ක්‍රීඩක වෙන්දේසියේ හෙළුව හොඳින්ම පේන බවයි ක්‍රීඩකයෝ පවසන්නේ. නම් රැසක් මුලින් කීවද ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන්ද තේරී ඇත්තේ ප්‍රසිද්ධ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හැර කබ්බන් පිරිසක් බැවින් මෙවර LPL තරගාවලිය දියාරු තරගාවලියක් වන ලකුණු පහල වී ඇතැයි ක්‍රීඩකයන්ම මත පළ කරනවා.
යාපනය කණ්ඩායම පවා එහි අයිතිකරුවන් වෙනස් වුවත් යාපනය ක්‍රීඩකයන් අන්දවමින් පසුගිය වතාවේ මෙන්ම මෙවරත් යාපනයෙන් නාමිකව ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුලත් කරගෙන තිබෙනවා.
ගිය වර තරගාවලියේ අවසන් තරගයේ වීරයා වූ විනෝද් භානුක පවා කිසිම කණ්ඩායමකට තෝරා ගෙන නැහැ.
No comments