• Breaking News

    කැපුන තුන් කට්ටුව දේශීය තරග බිමෙනුත් දොට්ට


    එංගලන්ත සංචාරයේදී ජීව බුබුල කඩ කරමින් රාත්‍රියේ වීථි පුරා රස්තියාදු ගැසීම නිසා වසරක තරග තහනමකට ලක්වූ නිරෝෂන් දික්වැල්ල , ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා 27 දා ආරම්භ වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළද ඔවුන්ව ක්‍රීඩා සමාජ විසින් කණ්ඩායම් වලට ඇතුළත් කර නොමැති බව lankasportsnews වෙත වාර්තා වෙනවා.

    මොවුන් තිදෙනා දෙසැම්බරයේ පැවැත්වෙන LPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් මෙම තරග වලට සහභාගි වීමට බලාපොරොත්තු වුවද ක්‍රිකට් ආයතනය මගින් එයට අවසරය ලැබී නොමැති බව වාර්තා වෙනවා.

    එයට හේතුව වී ඇත්තේ ඊට පෙර රුපියල් කෝටිය බැගින් වූ දඩ මුදල ක්‍රිකට් ආයතනයට මෙතෙක් ගෙවා නොමැති වීමයි.

    ධනුෂ්ක හා කුසල් එස්.එස්.සී ක්‍රීඩා සමාජයටත් දික්වැල්ල එන්.සී.සී. ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

    මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි තරුණ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කිරීම හේතුවෙන් මොවුන්ට නැවත කණ්ඩායමට තේරීම පහසු නොවනු ඇතැයි විචාරකයෝ පවසනවා.

    තමන්ට අනුකම්පාවක් ලබා ගැනීම සඳහා මොවුන් ෆේස් බුක් පිටු ඇඩ්මින් වරුන්ට අත දිග හැර මුදල් වියදම් කර ඇතැයිද වාර්තා වෙනවා.


    මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත ( චිචී )
    ක්‍රිකට් පළමු පෙළ වරම් ලබමින් නාවුක හමුදා පිලට එරෙහිව කලුතර නාගරික ක්‍රීඩා සමාජ පිල නියෝජනය කළද ආරම්භක පිතිකරු ලෙස පැමිණ මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු බිංදුවකට දැවී ගොස් තිබෙනවා. මේ එන්නේ මොකාටද කියල වගේම යට ඉදන් රූකඩ නටවන්න බලන් දත කට මදින බහිරවයන් ගැනත් විශේෂ ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.



    No comments