• Breaking News

    සංචාරය කටමුල බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකට කොවිඩ්.! ආසාදනය කළමනාකරුගෙන්දැයි සැකයක්


    රටවල් තුනක මසක සංචාරයක් සඳහා 9 දා නෙදර්ලන්තය බලා  යාමට නියමිත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට සංචාරයට දින දෙකක් තිබියදී කොවිඩ් වැළඳීම නිසා සංචාරය අවලංගු කිරීමට සිදු වේදැයි කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැටළුවකට මුහුණ දී ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා. අදාල ක්‍රීඩිකාව අවසන් දිනයේත් පුහුණු වීම් වලට සහභාගි වී තිබීම හේතුවෙන් සෙසු ක්‍රීඩකයන්ටද  කොව්ඩ් ආසාදනය වී ඇත්දැයි බැලීමට පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා. මෙම ක්‍රීඩිකාවට කොවිඩ් ආසාදනය වී ඇත්තේ කණ්ඩායම සමග යාමට නියමිත කළමනාකරු කොවිඩ් වැළඳී තිබියදී හරි හැටි සනීප වන්නට පෙර කණ්ඩායමේ පුහුණුවීම් සඳහා පැමිණීම නිසා දැයි සැක පහළ වී තිබෙනවා. මෙම කළමනාකරු සංගමයේ උප සභාපති වරයකුද වන අතර සංචාරයේ යාමට ඇති පෙරේත කම නිසා ඔහු මෙසේ හැසිරී ඇති බවත් වාර්තා වෙනවා.


    බැඩ්මින්ටන් සංගමය මේ සඳහා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනා වෙනුවෙන් එක් අයකුට ලක්ෂ දහයක් පමණ වැය කරන බවත් කියවෙනවා. මෙම සංචාරය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවත් ගැටළු රැසක් පැන නැගී ඇති අතර මෙම ක්‍රම වේදයට විරුද්ධ වෙමින් බැඩ්මින්ටන් තේරීම් කමිටු සාමාජිකයකු ගිය සතියේ ඉල්ලා අස්වී ඇති බව Lankasportsnews අප වෙත වාර්තා වනවා.

    No comments