තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇමරිකා යන බව කීම පල් බොරුවක්
වසරක තරග තහනමකට ලක්වෙලා ඉන්න කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක , නිරෝෂන් දික්වැල්ල යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කලකිරී ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාව බලා යාමට නියමිත බව ඇතැම් සමාජ ජාලා වල පසුගියදා හදිසියේ ප්‍රචාරය කෙරුණේ සැලසුම් කොට බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
ඒ සඳහා මොවුන් තිදෙනා ෆේස්බුක් පේජ් වලට විශාල ලෙස මුදල් වියදම් කොට ඒවා වලට ඔවුන්ට අනුකම්පාව හිමි වන අයුරින් පිරිස් ලවා කමෙන්ට් දමා ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
ඉන්පසු මෙම වැඩපිළිවෙළ දියත් කළ ඔවුන්ගේ කළමනාකරුම ඔවුන් එසේ යාමට කිසිසේත් නොසිතන බවත් මෙවන් ප්‍රචාර ගෙනියන්නේ මේ ක්‍රීඩකයන් අපහසුතාවට පත් කරන පිරිසක් බවත් " ජස්ටින්" යනුවෙන් ලංකාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල නමක් පටබැඳුනු යූ ටියුබ් කරුවකු ලවා කියවා ගැනීම බොහෝ අයගේ සිනාවට ලක්ව තිබෙනවා.
මේ කළමනාකරු ක්‍රීඩකයන් සමඟ නයිට් ක්ලබ් වල රෑ එළිවනතෙක් ගත කරන බවත් එංගලන්තයේ කලක් සිට ආපසු මෙහි පැමිණ ඇති අයකු බවත් වෙනත් ක්‍රීඩකයන් පවසනවා.
මෙම යූ ටියුබ් කරුවා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේද නම විකුණමින් ක්‍රිකට් ආයතනයේ දත්ත අවභාවිතා කරන අයකු ලෙසද ප්‍රසිද්ධයි.
භානුක රාජපක්ෂට ඩොලර් 25,000 ක දඩයක් ක්‍රිකට් ආයතනයට ගෙවීමටද සිදු වූයේ මොහුගේ යූ ටියුබ් චැනලයට ලබා දුන් ඉන්ටර්වීව් එකක් නිසයි.
මේ අතර නිරෝෂන් දික්වැල්ලගේ කළමනාකරුවා අනික් කළමනාකරුගේ ක්‍රීඩකයන් දෙදෙනා කපා දමමින් දික්වැල්ලට අනුකම්පාව හා සමාව ලබා ගැනීම වෙනුවෙන් සමාජ ජාල පේජ් කරුවන් කිහිපදෙනෙකු අල්ලාගෙන වෙනම කැම්පේන් එකක් කරගෙන යන බව ක්‍රීඩකයෙක් අප සමග කියා සිටියා.
ඇමරිකාවේ සිටින ක්‍රිකට් වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු අපට පැවසුවේ ආපු ගමන් ඇමරිකන් කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙන්න තරම් ඇමරිකන් ක්‍රිකට් බලධාරින්ට මොළේ අමාරුවක් නොමැති බවත් මෙසේ බොරු ප්‍රචාර යවන්නේ ලංකාවේ ක්‍රිකට් බලධාරින්ගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් විය හැකි බවයි.
ඕනෑම රටක ක්රීඩකයකුට ඇමරිකාවේ මයිනර් හෝ ප්‍රිමියර් ලීගයේ එහි පැමිණ ක්‍රීඩා කළ හැකි බවත් ඒවායේ කියන තරම් ලොකු මුදලක් නොගෙවන බවත් ඇමරිකානු ජාතික පිල නියෝජනය කරන්නට සුදුසුකම් ලැබීමට නම් පිට පිට වසර තුනක් එහි ලීග ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවත් ඔහු කියා සිටියා.
No comments