• Breaking News

    ක්‍රීඩකයන්ට සමච්චල් කළ ලේක් හවුස් කර්තෘ සමාජ මාධ්‍ය තුළ සමච්චලයට ලක්වෙලා


    ටෝකියෝ ඔලිම්පික් උළෙල ආවරණය කරන්න ලංකාවෙනුත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් ගියා. ඔවුන්ට ඒ සඳහා මාධ්‍ය හැඳුනුම්පත් ලබා දීම හා අනුග්‍රහය සපයන්නෙ ශ්‍රී ලංකාවෙ ඔලිම්පික් කමිටුවයි. ලංකාවෙ මලල ක්‍රීඩා හා වෙනත් ජාතික මට්ටමේ තරගාවලි ආවරණය කරන ක්‍රීඩා මාධ්‍යවේදීන් සිටියදී ඔලිම්පික් කමිටුවට ගොටු අල්ලමින් එහි නිලධාරින්ට කඩේ යන සමහර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මෙවරත් සුපුරුදු පරිදි ඔලිම්පික් ගිහින්. ඔවුන්ටත් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර හා මුදලින් එක් අයකුට ලක්ෂ 30 ක අනුග්‍රාහක මුදලක් ඔලිම්පික් කමිටුව මගින් ලබා දී තිබීම මාධ්‍ය ක්ෂෙත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා.


    මේ අතර සාෆ් , ආසියානු, කොමන්වෙල්ත් හා ග්‍රෝන්ප්‍රී තරග සියල්ලටම තම කාර්‍යාල සගයන් හැමෝම කපා දමමින් යන දිනමිණ පත්තරේ සේවය කරන පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වගේම සන්ඩේ  ඔබ්සර්වර් පත්තරේ ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ මේ අතර විශේෂයි. දිනේෂ් වීරවංශ රාජපක්ෂලාට මුට්ට්ය අල්ලමින් මෙවරත් ඔලිම්පික් ගියේ ඔලිම්පික් වාර්තාවක් තියන්න කියනවා.ඒත් ඔහු මෙවර මීටර් 100 තරගයට ගිය යුපුන් අබේකෝන් මූලික වටයේ හයවෙනියා වීම සමච්චලයට ලක් කරමින් වාර්තා කිරීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේද කෝපයට හේතු වී තිබෙනවා. ඇමති නාමල් ට්වීට් පණිවුඩයක් මගින් මේ බව පැවසුවා.



    පසුගිය රියෝ ඔලිම්පික් උළෙලට ඔහු මාධ්‍ය කණ්ඩායම් ලයිස්තුවට ඇතුලත් නොවී ඔලිම්පික් කමිටුව ලවා පුහුණුකරුවකු ලෙස යාම සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයන් විසින් සම්ච්චලයට ලක් කර තිබෙනවා. 

    මෙහි දැක්වෙන්නේත් එක් තරුණියක් දැමූ වීඩියෝ පෝස්ටුවක්.



    මොහු ලංකාවට පැමිණි පසු ඔහුගේ සදාචාරාත්මක නොවන මාධ්‍ය භාවිතාව ගැන කෙහෙලිය ඇමතිවරයා විසින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එය සිදු කෙරෙන්නේ රාජ්‍ය මාධ්‍යයක් ඔස්සේ ක්‍රීඩකයන් සමච්චලයට ලක් කිරීම පිළිබඳ නාමල් ඇමතිවරයාගෙන්ම සිදු කෙරුණු පැමිණිල්ලක් මත බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.

    ලේක් හවුසියේ සෙසු මාධ්‍යවේදීන් පවසන්නේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකුට අවස්ථාවක් නොදී ප්‍රධාන කතුවරයා ලෙස තමන්ම බලය අයුතු ලෙස යොදා ගනිමින් ටෝකියෝ යාම පිළිබඳ මොහුට විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.


    No comments