• Breaking News

    ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි. රසල්ලාගේ බොරු හෙළි වෙයි


    මේ මස අවසානයේ ආරම්භ කොට අගෝස්තු මැද තෙක් හම්බන්තොටදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේ දෙවෙනි අදියර මේ වසර අවසානය තෙක් කල් දැමීමට සිදුවනු ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා. මීට හේතුව වී ඇත්තේ අගෝස්තු මස පාකිස්තානයේ ප්‍රිමියර් ලීගය පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි. මේ කාල සීමාවේම තවත් තරගාවලි කිහිපයක් පැවැත්වීමට නියමිත හෙයින් රූපවාහිනී ජාත්‍යන්තර විකාශ කාලය නොමැති වීමත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් නොමැති වීමත් මීට බලපා තිබෙනවා. මෙම තරගාවලියේ සංවිධායක රවින් වික්‍රමරත්න හා අනිල් මෝහාන් මේ සම්බන්ධව බලවත් කම්පාවට පත්ව ඇතැයිද වාර්තා වෙනවා.



    පසුගිය තරගාවලියේ ගිණුම් වාර්තා තවමත් අභිරහසක්ව පවතින අතර ක්‍රිකට් ආයතනයට අනිල් මොහාන් ගෙවිය යුතු ඉතිරි මුදල තවමත් පියවා නොමැති බවත් lankasportsnews මීට පෙරත් වාර්තා කළා. ක්‍රීඩක කළමනාකරුවකු ලෙස කටයුතු කරන අයකු මෙවරද රවින් වික්‍රමරත්න හා රොෂාන් අබේසිංහ සමග එක්ව ක්‍රීඩකයන් කණ්ඩායම් වලට දමා මුදල් ගැරීමේ ක්‍රියාන්විතයට සූදානම් වී සිටියත් තරගාවලිය කල් දැමීම හේතුවෙන් මොවුන් ද බලවත් කම්පාවට පත්ව ඇතැයිද වාර්තා වෙනවා. මෙම කළමනාකරු තමන් කිංග් මේකර් යනුවෙන් හඳුන්වා ගන්නා අයෙක් බව ක්‍රීඩකයන් පවසනවා. ඩුබායිහි පැවති T 20 තරගාවලියට මොහු යවන ලද යොවුන් ක්‍රීඩකයකුගේ අන්තිම රුපියල දක්වා මොහු සූරා ගත් බවක්ද කියවෙනවා.

    රසල්ගේ පින් පඩියෙන් කොමිස් මුදල් ගියේ කාටද ? Exclusive Exposed



    මේ අතර ‍රසල් ආනල්ඩ්ගේ මෙහෙයවීමෙන් පැමිණි ජැෆ්නා ස්ටැලියොන් කණ්ඩායමේ අනුග්‍රාහකයන් යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන බවට දුන් පොරොන්දු බොරු පොරොන්දු බවට පත්ව ඇතැයි යාපනයේ ක්‍රිකට් ලෝලීන් පවසනවා. මීට පෙර ක්‍රිකට් ආයතනයෙන් මසකට ඩොලර් 10,000 බැගින් මාස හතරක් පිං පඩි ලබා ගත් රසල් ආනල්ඩ් යළි එනතුරු යාපනය ක්‍රිකට් ලෝලීන් මග බලා සිටින බවත් වාර්තා වෙනවා.




    No comments