• Breaking News

    ක්‍රීඩක ගිවිසුම් වර්ජනය නිමයි.! ජ්‍යේෂ්ඨයන්ගේ බලපෑම් නොතකා කනිෂ්ඨයෝ අත්සන් කරලා


    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් නොකර ගෙන ගිය අරගලය නිමාවට පත්ව තිබෙනවා. ඔවුන් බංග්ලාදේශයටත් එංගලන්තයටත් ගියේ වාර්ෂික ගිවිසුම් අත්සන් නොකරයි.



    මෙවර අරවින්ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් උපදේශන කමිටුව මගින් සකස් කරන ලද ගිවිසුම් ක්‍රමය අනුව ඇතැම් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට අසාධාරණයක් වන බව කියමින් කනිෂ්ඨ ක්‍රීඩකයන්ටද අත්සන් නොකරන ලෙස බලපෑම් කරමින් මාස කිහිපයක් මුළුල්ලේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු විසින් කරුණු නොදත් නීතිඥයකු අල්ලාගෙන කළ අරගලය නිමාවට පත් කරමින් කනිෂ්ඨ ක්‍රීඩකයන් සත් දෙනෙකු ගිවිසුම් අත්සන් කර ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා. මෙසේ අත්සන් කළ ක්‍රීඩකයන් වන්නේ බිනුර ප්‍රනාන්දු, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ශිරාන් ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ධනංජය ලක්ෂාන් හා ඉෂාන් ජයරත්න  බව කියවෙනවා. පුද්ගලික කළමනාකරුවන්ගේ බලපෑම් මත වෙනත් ක්‍රීඩකයන් දෙගිඩියාවක සිටියත් අද පෙරවරුවේ තවත් පස් දෙනකු අත්සන් කිරීමට බලාපොරොත්තුවෙන් සිට්න බවක් වාර්තා වෙනවා.


    මේ අතර දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් ඊයේ සවස වන විට කොන්දේසි විරහිතව වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමට නියමිතව සිටියත් ඉන්දීය සංචාරයද වාර්ෂික ගිවිසුම් නොමැතිව තරග සංචාර ගිවිසුම අනුව පමණක් පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇතැයිද lankasportsnews වෙත වාර්තා වෙනවා. ගිවිසුම් අත්සන් නොකළ කිසිදු ක්‍රීඩකයකු ඉන්දීය කණ්ඩායම සමග තරග සඳහා යොදා නොගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.


    සබැඳි පෙර ලිපි


    පෙරකදෝරුවාගේ ලණු කා ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයන්ට වැඩ වරදින ලකුණු


    ක්‍රිකට් ක්‍රීඩකයන් විනාස කරන පෙරකදෝරුවෙක්


    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සටන වඩා සාධාරණ වෙන්න මුලින් මැච් දිනල පෙන්නමු.!




    No comments