• Breaking News

    පෙරකදෝරුවාගේ ලණු කා ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයන්ට වැඩ වරදින ලකුණු


    ක්‍රීඩක වාර්ෂික ගිවිසුම් අත්සන් නොකොට ඩිමාන්ඩ් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වැඩ වරදින ලකුණු පහළ වී තිබෙනවා. ඩිමාන්ඩ් කළද තරග අන්ත ලෙස පරදින මේ ක්‍රීඩකයන් වෙනුවට වාර්ෂික ගිවිසුම් අත්සන් කර සිටින ශ්‍රී ලංකා " ඒ " , නැගී එන හා වයස්ගත ක්‍රීඩකයන් 39 දෙනෙක් මේ වන විට එළඹෙන ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් බුබුලකට යටත්ව සූදානමින් තැබීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.




    මේ අනුව යම්  හෙයකින් ආපසු ශ්‍රී ලංකාවට පැමිණි පසු මොවුන් ගිවිසුම් අත්සන් නොකළහොත් මෙම ක්‍රීඩකයන් සමග ඉන්දීය සංචාරයට එළඹීමට ක්‍රිකට් බලධාරීන් හා තේරීම් කමිටුව අතර එකඟතාවක් ඇති වී තිබෙන බවත් මේ සඳහා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේත් අනුමැතිය ලැබී ඇති බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.



    ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ උවමනාවට ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පන්ති සගයකු හා ඔහුගේ නීති උපදේශක නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න නම් පෙරකදෝරුවා මෙම ක්‍රීඩක ඇන්දවීම කරන බව lankasportsnews මීට පෙර පෙන්නා දුන්නා.

    පෙර ලිපිය බලන්න..

    ක්‍රිකට් ක්‍රීඩකයන් විනාස කරන පෙරකදෝරුවෙක්



    No comments