ක්‍රිකට් ක්‍රීඩකයන් විනාස කරන පෙරකදෝරුවෙක්
ක්‍රිකට් තරග පැරදීම කලාවක් නම් එහි පිකාසෝලා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේයි. කුසල්ලා දෙන්නෙක්ම කණ්ඩායමේ හිටියත් පූරුවේ හෝ මේ ආත්මයේ කර ඇති අකුසල් හේතුවෙන් කණ්ඩායමටම වගතුවක් නැත. නායක කුසල් කාසියේ වාසිය දිනන්න වාසනාවන්ත වුණත් තරග දිනන්න කොහෙත්ම වාසනාවක් නැත. අනෙක් කුසල් බීමතින් එළිවන ජාමේ පාරේ අනික් පැත්තෙන් රස්සාවට යාමට බයිසිකලෙන් යමින් සිටි පුද්ගලික බස් කොන්දොස්තරවරයකු තම ජීප් රථයෙන් යට කර පැන ගොස් කර ගත් පව හේතුවෙන් බිංදු වලට දැවී යයි.
කුසල්ට අර මීඩියා කාරයාගෙන් මිලියන 500 ක් වන්දි ලෙස ලබා දෙන බවට අන්දා යැවූ ලෙටර් ඩිමාන්ඩ් එක ආපසු ගෙන්වා ගැනීමට මොහුට සිදු වුනේ ඉංගිරිසි පත්තර කාරයා නඩුවට සූදානම් වීම නිසයි. ඒ අනුව කුසල් පානදුර පොලිසියේදී බැලුම් පිම්බීම පමා කිරීම ගල්කිස්ස පොලිසියේ අධිකාරි වරයකු හා බස්නාහිර පළාතේ පොලිස් ලොක්කකු කේස් එක යට ගැසූ අයුරු , හිටපු කොණ්ඩෙ අමුතු ක්‍රීඩකයකු උසාවියට හා පොලිසියට අයුතු ලෙස බලපෑම් කිරීම වැනි දේ පවා ඔවුන් සොයා ගෙන තිබී ඇත. මෙය දැනගෙන බියට පත්වූ ප්‍රේමතිරත්න පෙරකදෝරුවා වහාම නඩුව ඉල්ලා අස් කර ගෙන ඇත්තේ කුසල් යළි අමාරුවේ දමා තමන්ගේ කලිසමද ගැලවේයයි බියට පත් වූ නිසයි. හෙට අනිද්දා කොහොමත් මේ පෙරකදෝරු මහත්තයාට කලිසම ගලවා ගන්නට සිදු වෙනවා. ඒ දිගින් දිගටම තරග පරදින කොටත් ඩිමාන්ඩ් කරන්නට යාම නිසයි. තමන්ගේ විතරක් නෙවෙයි ඇන්ජිගේත් දිමුත්ගේත් කලිසම් මොහු විසින් හෙට අනිද්දා ගලවා දැම්මොත් එය පුදුමයක් විය නොහැකියි.
No comments