• Breaking News

    තෙල් බාලාගේ වැලි ගෝනි ඇදිල්ල


    තරග පිට තරග පැරදුනත් අපට මොකෝ අපේ ගැහිලි අපි ගහනවා කියන මොටෝවෙන් ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඈයන්ගේ මීළඟ නිදන් හෑරීම එල්පීඑල් (LPL 2021) ලබන මාසේ හම්බන්තොට පවත්වන්න ලහි ලහියේ සූදානම් වෙනවා.


    අරවින්ද ඇතුළු ක්‍රිකට් උපදේශන කමිටුව මෙහි සංවිධාන කටයුතු කරන්න හිටියත් රවින් වික්‍රමරත්නලා ඊට පොලු දැමීම හේතුවෙන් ඔවුන් ඉන් ඉවත් වුණා.

    දැන් රවින් සුපුරුදු ගැහිල්ලට ලෑස්ති වෙනවා.
    ඌරො කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල් කිව්ව වගේ ක්‍රිකට් ආයතනයේ රීරි මාංශ උරා බොන ඩ්‍රැකිව්ලලා තම තමන්ගේ ගැහිලි ක්‍රියාත්මක කරනවා.

    ළඟදි ඇති වුණු ගංවතුර වෙලාවෙ ක්‍රිකට් ආයතනේ මානව සම්පත් කළමනාකරු ටනේෂ් ඩයස්ගෙ සෙකට්‍රි නෝනාගේ ගෙට එන පාරත් යටවෙලා.

    ඉතින් මේ වගෙ අවස්ථා වලදි බටර් වගේ හදවත උණුවන තෙල් බාලා නමින් ප්‍රසිද්ධ ප්‍රවාහන නිලධාරියා ආයතනයේ ලොරියක් රියදුරෙක් එක්ක මේ ඇත්තිගෙ ගෙවල් පාරට යවල තියෙනවා.

    නිකම් නෙවෙයි ලොරිය පුරෝලා වැලි ගෝනිත් පටවලා.

    දැන් ලොරිය වතුරෙ ගිහින් කැඩිලා පැත්තකට දාලා.

    ක්‍රිකට් ආයතනේ පෙට්‍රල් ඕන අයට ෆුල් ටෑන්ක් ගහල දෙන ඊට පස්සෙ මගදි පෙට්‍රල් අදින තෙල් බාලා මහතා මොනා කළත් බේරෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික් සංගමේ චන්ද දෙක නිසා බවයි lankasportsnews වෙත වාර්තා වෙන්නේ.


    මේ වගේ චන්ද හිමි ක්‍රිකට් හොරු රාශියක් ගැන ලිපි මාලාවක් අපි ඉදිරියේ ගෙන එන්න සූදානම්.

    No comments