ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණය කල් යයි - තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය - Exclusive Exposed
ආචාරියා රවටා කැත්ත හැදූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ තරගාවලි අවසානයේ ජංගම රෝහලක් මෙන් වුණා. ආබාධිත ක්‍රීඩකයින් ඉවත්කර ක්‍රීඩා කිරීමට සමබර කණ්ඩායමක් තෝරා ගැනීම මේ නිසා අපහසු වූ වාර අනන්තයි. ඊට ප්‍රධාන හේතුව වූයේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීමට ක්‍රීඩකයි අල්ලස් දීම වැනි කෙටි ක්‍රම අනුගමනය කිරීමයි. මේ අනුව ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි පීඩනයක් පසුගිය දිනවල එල්ල වුණා. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ශරීර යෝග්‍යතා පරීක්ෂණ හා ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පිලිබද කතාව මෙතැන් සිට දිග හැරෙනවා.
අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් හිටපු තේරීම් කමිටුව ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා තිබෙනවා. ඒ කෝකටත් තයිල්ය ලෙස ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගාවලි සදහා පහසුවෙන් නම් කිරීමටයි. සාමාන්‍යයෙන් මෙවන් සංචිතයක් නම් කරන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත වුවත් ඇමතිට උඩින් තමන් ඉන්නවා කියා යැයි සිතා සිටි අසන්ත එවැන්නක් ලබා ගත්තේ නැහැ. මෙලෙස තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ සංචිතයට ශරීර යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට නියමිත වුණේ අද දිනයේදීයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා ළහිරු තිරිමාන්න කොරෝනා ආසාධිතයින් බව තහවුරු වීමත් සමග මෙම පරීක්ෂණය ලබන 10 වැනිදාට පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර මෙවර ශරීර යෝග්‍යතාව නිසි පරිදි පරීක්ෂා කිරීමටයි තීරණය වී ඇත්තේ. එහිදී කිලෝමීටර් දෙකක් දුර දිවීමෙන් දරාගැනීමේ හැකියාව හා යෝයෝ පරීක්ෂණය මෙන්ම ..... පැවැත්වීමෙන් නියම ක්‍රීඩක ශරීර යෝග්‍යතාව මැන බැලීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අවසන් ශරීර යෝග්‍යතා පරීක්ෂණයේදී කිලෝමීටර් දෙකක් දිවීම අවසන් කර ඇත්තේ බොහෝ ක්‍රීඩකයින් නාකි බල්ලන් හපුතලේ කන්ද නැග්ගාක් මෙන් සෙම පෙරමිනුයි. එහිදී සමත්ව ඇත්තේත් ක්‍රීඩකයින් හය දෙනෙක් පමණක් බව වාර්තා වනවා. තිසර පෙරේරා ශරීර යෝග්‍යතා පරීක්ෂණය සමත්වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශරීර යෝග්‍යතා පුහුණුකරු වූ විදේශිකයාට හා දේශීය පුහුණුකරුට අල්ලස් දීමෙන් බවයි Lankasportsnews අප වෙත වාර්තා වුණේ. එමෙන්ම ඔහු මේ නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත්වීම වැලැක්වීමට ජාතික තේරීම් කමිටු සභාපති යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හරහා කකුල් මාට්ටු දමමින් සිටිනවා. මහ මැතිවරණයේදී නාමල්ට කඩේ ගිය තිසර එයත් මේ සදහා යොදාගනිමින් ඇතැයි වාර්තා වනවා. තිසර පෙරේරා නියෝජනය කරන්නේ යුද්ධ හමුදා ක්‍රිඩා සමාජයයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත්වනු ඇතැයි Lankasportsnews අප වෙත වාර්තා වනවා. තේරීම් කමිටුවට තුන් දෙනෙක් නම් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පස් දෙනෙක්ගේ නම් නිර්දේශ කර තිබෙනවා. ඒ ප්‍රමෝද්‍ය සමගින් හිටපු ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ, හේමන්ත දේවප්‍රිය, රෝයි ඩයස් හා වරුණ වරාගොඩයි. පළමුව යෝජනා වූ කපිල විජේගුණරත්න තේරීම් කමිටුවට එක්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. මේ අතරින් රෝයි ඩයස් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා පුහුණු අංශයේ පුහුණුකරුවෙක් ලෙස සේවය කරනවා. ඔහුව තේරීම් කමිටුවට නම් කලහොත් ඉන් ඉවත්විමටයි සිදු වන්නේ. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් සෙසු සාමාජිකයින් ලෙස රොමේෂ් කළුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න පත් කරනු ඇතැයි Lankasportsnews අප වෙත වාර්තා වනවා.
පත්වන නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට පළමු රාජකාරිය වන්නේ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයයි. එය ඉලක්ක කරමින් ලබන 10 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති ශරීර යෝග්‍යතා පරීක්ෂණයට පෙර නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරනු ඇති. කෙසේ වෙතත් ක්‍රීඩකයි මේ වන විට කොරෝනා බියෙන් ඇලලී සිටින බව නොකියාම බැහැ. ඒ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා ලහිරු තිරිමාන්න පසුගියදා ක්‍රිකට් ක්‍රීඩක සදීර සමරවික්‍රමගේ විවාහ උත්සවයට එක්ව තිබීම හේතුවෙනුයි. මේ වන විට එම ක්‍රීඩකයින්ට PCR පරීක්ෂණ සිදුකර ඉන් කිසිවෙකුත් ආසාධිතයින් බව තහවුරු කර නැහැ. එහෙත් කොරෝනා ආසාදනය වුවත් ඇතැම්විට දින කිහිපයකට පසු යලිත් සිදු කරන PCR පරීක්ෂණයකින් කොරෝනා ආසාධිතයින් බව සනාථ විය හැකියි. ඒ වෛරය ශරීර ගතවී ඇතැත් එක්වරම හදුනාගත නොහැකිවීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නව දිශාවකට හැරවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දැඩි උත්සාහයක නිරතව සිටින බව අවසන් ලෙස ප්රශංසනාත්මකව සිහිපත් කළ යුතුයි. එය සෝඩා බෝතලය කැඩුවාක් මෙන් නොවේවායි ප්‍රාර්ථනා කිරීම පමණයි ඔබටත් මටත් ඉතිරිව ඇත්තේ.
No comments